Showing posts with label Linux. Show all posts
Showing posts with label Linux. Show all posts

ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.

ෆයිල්ස් වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය ගැන කථා කරපු ලිපි පෙලේ අන්තිම ලිපිය තමයි මේක. මෙච්චර දවසක් අපි කථා කරේ ෆයිල්ස් වල අවසර තත්වය පිළිබඳවයි, අද අපි කථා කරන්න යන්නේ ෆයිල්ස් වල හිමිකාරීත්වය ගැන.
ෆයිල්ස් වල හිමිකාරිත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කථා කරන විට මුලින්ම දැන ගන්න ඕනේ අපි හිමිකාරිත්වය වෙනස් කරන ෆයිල්ස් වල හිමිකාරීත්වය තිබෙන්නේ කාටද කියලා. මොකද අපිට වෙනස් කරන්න පුලුවන් අපිට අයිති/හිමි ෆයිල්ස් පමණයි. එහෙම නැත්තම අපි මේ විධාන භාවිතා කරද්දි රූට් හෙවත් සුපිරි පරිශිලකයා වීම අත්‍යාවශ්‍යයි.
අපිට මේ සඳහා chown හා chgrp යන විධාන 2ක භාවිතා කිරීමට පුළුවනි.

ලිනක්ස් පද්ධතියක භාවිතා කරන ෆයිල් පර්මිෂන් ගැන හා ඒවා පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අපි කලින් ලිපි දෙකින් සාකච්ඡා කලා. අද අපි අපේ පද්ධතියේ තියෙන ෆයිල් වල අවසර තත්වයන් වෙනස් කරන ආකාරය විස්තරාත්මකව සාකච්ඡා කරමු. මෙම පාඩමේ මුල්ම ලිපියෙන් සාකච්ඡා කල පරිදි මෙම අවසර සැකසීම භාවිතා කරන පාර්ශව තුනටම අදාලව සාකච්ඡා කල යුතුය.

මුලින්ම අපි යම් කිසි ෆයිල් එකකට අලුතින් අවසර තත්වයක් ලබා දීම හෝ තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීම කරන්න පුළුවන් සරළම ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.
මේ සඳහා භාවිතා කරන්නේ chmod (change mode)කියන විධානයයි. දැන් අපි බලමු මේ විධානය භාවිතා කරලා කොහොමද අවසර තත්වයන් වෙනස් කරගන්නේ කියලා.

  1. අවසර තත්වයක් එකතු කිරීම.
    $ chmod +Permisson_Type filename
     මෙහි Permisson_Type කියලා සඳහන් වන්නේ ලබාදෙන අවසර තත්වයයි. ඔබට මතක ඇති අපි භාවිතා කරන අවසර තත්ව.
            r   = read permission කියවීමට ඇති අවසරය.
            w = write permission ලිවීමට (වෙනස් කිරීමට ඇති අවසරය.)
            x  = execute permission ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය.
     එනම් ඉහත සඳහන් අවසර තත්වයක් අවශ්‍යය ෆයිල් එකේ නම ඉදිරියෙන් ටයිප් කර එම අවසර තත්වය අදාල ෆයිල්  එකට ලබාදිය හැකිය.
    උදාහරණයක් විදිහට foo කියන ෆයිල් එකට ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදෙන්න අවශ්‍යයි කියලා හිතන්න. ඒ සඳහා විධානය වන්නේ,
    $ chmod +x foo
  2. අවසර තත්වයක් ඉවත් කිරීම.
    අවසර තත්වයක් ඉවත් කිරීම සඳහා කල යුත්තේ ඉහත විධානයේ ධන ලකුණ (+) වෙනුවට සෘණ ලකුණ (-) යෙදීම පමණී.
    උදාහරණයක් විදිහට foo ෆයිල් එකේ ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය ඉවත් කිරීමට භාවිතා කල යුත්තේ පහට විධානයයි.
    $ chmod -x foo
    මේ විදිහට බොහෝ ෆයිල්ස් වලට අවසර තත්වයන් එකතු කරන්නටත්, තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීමටත් පුලුවන්. අභ්‍යාසයක් විදිහට ටර්මිනල් එකක් ගෙන විවිධ ආකාරයේ ෆයිල් නිර්මාණය කර ඒවායේ අවසර තත්වයන් වෙනස් කර බලන්න. වෙනස් කල පසු ls -l විධානය භාවිතා කර වෙනස් කම පරීක්ෂා කරන්න.
සටහන: මෙම ක්‍රමයේදී අවසර තත්වයන් වෙනස් වන්නේ එම මොහොතේ පද්ධතිය භාවිතා කරන පරිශීලකයාට අයත් අවසර තත්වයන් පමණී. පාර්ශව 3 ටම අදාලව අවසර තත්වයන් වෙනස් කරන ආකාරය ගැන විස්තරාත්මකව පහත සාකච්ඡා කර ඇත.

 පසුගිය ලිපියෙන් මේ අවසර තත්ව හා හිමිකාරිත්වය එහෙමත් නැත්තම් permissions ගැන මූලික වැටහීමක් ලැබෙන්න ඇතිනේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ එම පාඩමේ දෙවන කොටස. අපි අද බලමු අපේ පද්ධතියේ තියෙන ෆයිල්ස් වල මෙම අවසර තත්ව හා හිමිකාරීත්වය පරීක්ෂා කරන හැටි හා ඒවා වෙනස් කරන්නේ කොහොමද කියලා.

අවසර තත්වයන් පරික්ෂා කරමු.

 ඔබට මතක ඇති මෙම ලිනක්ස් සිංහලෙන් පාඩම් මාලාව ආරම්භක ලිපියෙන් ලිනක්ස් පද්ධතියක මූලිකාංග ගැන කථා කලා. ඉන්පස්සේ අපි ගොනු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව කථා කලා. ඊටත් පස්සේ එම ගොනු සහ ෆයිල්ස් පරිහරණය කරන ආකාරය පිළිබඳව කථා කලා.
අද අපි කථා කරන්න යන්නේ එම ෆයිල්ස් හා ගොනු වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය පිළිබඳව. ඔබ මෙතෙක් භාවිතා කර තිබෙන්නේ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්ධතියක් නම් ඔබට මේ ගැන  කිසිම අවබෝධයක් නැතුවාට සැකයක් නෑ. මොකද මං කලිනුත් කිව්වා වාගේ වින්ඩෝස් වැනී මෙහෙයුම් පද්ධති අපේ සිතීමේ හැකියාව, බුද්ධියෙන් හිතලා වැඩක් කිරීමේ හැකියාව මොට කරනවා. ඒ නිසා අද පාඩමින් මේ පිළිබඳව මූලික සංකල්ප වල සිට පැහැදිලි කරන්න මං හිතුවා.

ලිනක්ස් භාවිතයේදී සුපර් යූසර් (Super user) එහෙමත් නැත්තම් රූට් (Root) කියන වචන දෙක අහලා දැකලා ඔබටත් පුරුදු ඇති. ඇත්තටම කවුද මේ සුපර් යූසර් කියන්නේ? මේකෙන් මොකද්ද වෙන්නේ? අද අපි කථා කරන්නේ සුපර් යූසර් ගැනයි.

අර්ථ දැක්වීම අනුව නම් සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් කියන්නේ පද්ධතියේ සියලු වරප්‍රසාද ලත් පරිශීලකයායි. මෙම සුපර් යූසර්ට පද්ධතියේ සියළුම විධාන ක්‍රියා කරවීමේ අවසරයත්, සියළුම ගොනු සහ ෆයිල්ස් හැසිරවීමේ අවසරයත් හිමි වෙනවා.
 

විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4

පසුගිය ලිපියෙන් ලිනක්ස් විධාන කියන්නේ මොනවාද.. ඒවාගේ සාමාන්‍යය භාවිතය කුමක්ද කියන එක පිළිබඳව අපි කථා කරානේ. එම ලිපියෙන් සාකච්ඡා කල විධාන බොහෝමයක් ගොනු සමඟ ගනුදෙනු කිරීමේදී සුලභව භාවිතා වන විධාන වන අතර එම මූලික විධාන ඉගෙනගැනීම ඉදිරියේදි බොහෝ ප්‍රයෝජනවත් වේවී.
ඉතින් අද අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගොනු කළමනාකරණය කිරීමේදී වැදගත් වන තවත් මූලික ලිනක්ස් විධන කිහිපයක් පිළිබඳවයි.

ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3



බොහෝ දෙනාට නම් මේ Command prompt එකේ වැඩ කරලා පුරුදු නැතුව ඇති. ඒත් ලිනක්ස් වලින් වැඩ කරන කෙනෙක් නම් එදිනෙදා වැඩ කරගන්න පවා මේ command prompt එක එහෙමත් නැත්තම් ටර්මිනල් (Terminal) එක හොඳට භාවිතා කරලා පුරුදු ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ Commands හෙවත් විධාන. මූලික විධාන කිහිපයක් ගැන අපි කථා කරමු. කිව්වට විශ්වාස කරන්න මේ ටික හොඳට පුරුදු වුනාම හැම වැඩක්ම ටර්මිනල් එකෙන්ම කරන්න හිතෙයි. ලිනක්ස් විධාන වලින් වැඩ කිරීම ඒ තරම්ම විනෝදජනක ලේසි වැඩක්.

පෞද්ගලික වැඩ වගයක් නිසා ලිපිය හිතපු තරම් ඉක්මනට දාන්න බැරි වුන එකට මුලින්ම සමාව ඉල්ලා සිටිමී.
හොඳයි අපි පහුගිය ලිපියෙන් ලිනක්ස් පද්ධතියක නිර්මිතය ගැන කථා කරානේ. අද අපි බලමු ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතිය (Filesystem Hierarchy)ගැන.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ පිළිබඳ ඔබට කිසිම අදහසක් නැතුව ඇති. නමුත් ලිනක්ස් වලින් වැඩ කරගෙන යාමට මේ පිළිබඳ දැනගැනීම ඔබට බොහෝම ප්‍රයෝජනවත් වේවි.

මෙහෙයුම පද්ධතියක් යනු සම්පත් කළමණාකරුවෙක්.  පරිගණකයේ දෘඩාංග හා ක්‍රියාවලි පාලනය කරමින් පරිශීලකයාට අවශ්ය කාර්යයන් සිදු  කරගැනීමට  ඉඩ සලසා දීම මෙහි ප්‍රධාන භාවිතයයි.
මෙහෙයුම් පද්ධතියක් දෘඩංග සම්ඟ සම්බන්ද වී මෙම කාර්යය සිදු කරනා ආකාරය සැකෙවින් පහත රූපයේ පෙන්වා ඇත.

ලිනක්ස් ඉගෙන ගමු.


ලිනක්ස් ගැන කථා කරන්නම් කියලා මේ බ්ලොග් එක පටන් ගත්තට අන්තිම ලිපි කිහිපයෙන්ම කථා කරේ උබුන්ටු ගැනනේ. ලිනක්ස් ඉගෙන ගන්න යන ගමනේ අපිට ලිනක්ස් වලින් වැඩ කරන්න මොකක් හරි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ නිසයි උබුන්ටු ගැන කථා කරන්න වුනේ. ඒත් මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණ ලිනක්ස් ගැන අපේ දැනුම බෙදාගැනීම මිස උබුන්ටු ගැන කථා කිරීම නොවේ. නමුත් ජනප්‍රිය ලිනක්ස් ඩිස්ට්‍රෝවක් වන උබුන්ටු ගැනත් කථා නොකරම බෑ. ඒ නිසා උබුන්ටු ගැන වෙනමම කථා කරන්න තව බ්ලොග් එකක් ලිව්වා. මින් පසු උබුන්ටු ගැන විශේෂ ලිපි උබුන්ටු ලෝකය නව බ්ලොග් එකෙන් බලාගන්න පුලුවන්. මූලික පරමාර්තය වූ ලිනක්ස් ගැන සාකච්ඡා කරන්න මේ ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක භාවිතා කරමු.

Linux Distro හෙවත් ලිනක්ස් බෙදා හැරීම්.

අපි මෙච්චර වෙලා කතා කරපු ලිනක්ස් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝමයක් ඇත. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරයි. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්න.

උබුන්ටු - මනුෂ්යත්වයෙන් හැමෝටම 
ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. (මෙම සිංහල විකි පිටුව යාවත්කාල කර නොමැත. නවතම ස්ථාවර නිකුතුව :  12.04 LTS Precise Pangolin / 26 April 2012; 3 months ago ලෙසද, නවතම අස්ථාවර එකතුව : Quantal Quetzal Alpha 3 / 26 July 2012; 29 days ago ලෙසද, වෙනස් විය යුතු අතර වැඩි විස්තර සඳහා මෙතෙන්ට යන්න.)
ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ ඇත. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.
උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.

උබුන්ටු ආරම්භක මෙනුව. 
උබුන්ටු සෙවුම.
මේ රූප වලින් පෙන්නලා තියෙන්න එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප බව දන්වා සිටිමි. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසා ඇත.
උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැන කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ.

ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 
ෆෙඩෝරා මෙනුව

ආරම්භක තිරය


මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.
ලිනස්ක් මින්ට් 
ආරම්භක තිරය
 තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි. සියළුම ඩිස්ට්‍රො මේ ලිපියෙන් බලා ගන්න පුළුවන්. තවත් ආස හිතෙන ඩිස්ට්‍රො කීපයක් ගැන කෙටියෙන් ලියන්නම්. ඒ ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබට ඒවා ලබාගන්නත් පුළුවන්.

  • උබුන්ටු ස්ටූඩියෝ  -  මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
  • පියර් OS  -  මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
  • සොලාරිස්  -  ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
  • ඕපන් සූසේ - තවත් එක් ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්.
මෙසේ සිය ගණනක් වූ ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් ඔබට ගැළපෙන ඕනෑම ඩිස්ට්‍රෝවක් නොමිලේම ලබා ගෙන එන්න ලිනක්ස් ලෝකෙට...... මේ නිදහසේ ජීවත් වීමට හොඳම වෙලාවයි.

ඇයි ලිනක්ස් මෙච්චර හොඳ....???

ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලෙස ලිනක්ස් තෝරා ගැනීමට හේතු බොහෝමයක් තියෙනවා. කියවන්න ලේසි වෙන්නත් එක්ක ඒවා එකින් එක කරුණු වශයෙන්ම කියන්නම්කෝ.. අමතක වෙච්ච හේතුවක් තියෙනවා නම් එකතු කරන්නත් පුළුවන් ඕන්....

ඔක්කොම නොමිලේ ගන්න තියෙන කොට ඇයි මංකොල්ලකන්නේ ??
ඔබ දැනටමත් Windows හෝ එවැනි වාණිජ මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරන අයෙක් නම් "අපි නම් Windows වලට ගෙවලා නෑ" කියලා කියන අයෙක් වෙන්න පුළුවන්, චුට්ටක් හිතලා බලන්නකෝ ඒක ඇත්තමද කියලා..?

Linux ඉතිහාසය කෙටියෙන්.


Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා නොකරම බෑ. දශක  හතරකටත් වැඩියෙන් ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම් සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. කථාව පටන් ගන්නේ 1969 ඉදන්, ඒ කාලයේ

හොරකම් කරා ඇති !!!!!!

ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන  බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? භාවිතා කරනවා ඇද්ද...?
දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.

ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????

අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත. උදාහරණ වශයෙන්.

Microsoft සමාගමේ Windows 7 O/S එක $119.99 සිට ඉහලට එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට.
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop CS5 $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද..
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD 2013 $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද..

ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්!
ඒක ඔබට ගැලපෙන්නේ නැති බලු වැඩක්.

එන්න අවංකව නිදහසේ ජීවත් වෙන්න...
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????

මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත.

තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න එන්න අපිත් එක්ක Linux ලෝකෙට.....


share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න