ලිනක්ස් භාවිතයේදී සුපර් යූසර් (Super user) එහෙමත් නැත්තම් රූට් (Root) කියන වචන දෙක අහලා දැකලා ඔබටත් පුරුදු ඇති. ඇත්තටම කවුද මේ සුපර් යූසර් කියන්නේ? මේකෙන් මොකද්ද වෙන්නේ? අද අපි කථා කරන්නේ සුපර් යූසර් ගැනයි.

අර්ථ දැක්වීම අනුව නම් සුපර් යූසර් එහෙමත් නැත්තම් රූට් කියන්නේ පද්ධතියේ සියලු වරප්‍රසාද ලත් පරිශීලකයායි. මෙම සුපර් යූසර්ට පද්ධතියේ සියළුම විධාන ක්‍රියා කරවීමේ අවසරයත්, සියළුම ගොනු සහ ෆයිල්ස් හැසිරවීමේ අවසරයත් හිමි වෙනවා.
 

විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4

පසුගිය ලිපියෙන් ලිනක්ස් විධාන කියන්නේ මොනවාද.. ඒවාගේ සාමාන්‍යය භාවිතය කුමක්ද කියන එක පිළිබඳව අපි කථා කරානේ. එම ලිපියෙන් සාකච්ඡා කල විධාන බොහෝමයක් ගොනු සමඟ ගනුදෙනු කිරීමේදී සුලභව භාවිතා වන විධාන වන අතර එම මූලික විධාන ඉගෙනගැනීම ඉදිරියේදි බොහෝ ප්‍රයෝජනවත් වේවී.
ඉතින් අද අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගොනු කළමනාකරණය කිරීමේදී වැදගත් වන තවත් මූලික ලිනක්ස් විධන කිහිපයක් පිළිබඳවයි.

ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3



බොහෝ දෙනාට නම් මේ Command prompt එකේ වැඩ කරලා පුරුදු නැතුව ඇති. ඒත් ලිනක්ස් වලින් වැඩ කරන කෙනෙක් නම් එදිනෙදා වැඩ කරගන්න පවා මේ command prompt එක එහෙමත් නැත්තම් ටර්මිනල් (Terminal) එක හොඳට භාවිතා කරලා පුරුදු ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ Commands හෙවත් විධාන. මූලික විධාන කිහිපයක් ගැන අපි කථා කරමු. කිව්වට විශ්වාස කරන්න මේ ටික හොඳට පුරුදු වුනාම හැම වැඩක්ම ටර්මිනල් එකෙන්ම කරන්න හිතෙයි. ලිනක්ස් විධාන වලින් වැඩ කිරීම ඒ තරම්ම විනෝදජනක ලේසි වැඩක්.

පෞද්ගලික වැඩ වගයක් නිසා ලිපිය හිතපු තරම් ඉක්මනට දාන්න බැරි වුන එකට මුලින්ම සමාව ඉල්ලා සිටිමී.
හොඳයි අපි පහුගිය ලිපියෙන් ලිනක්ස් පද්ධතියක නිර්මිතය ගැන කථා කරානේ. අද අපි බලමු ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතිය (Filesystem Hierarchy)ගැන.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ පිළිබඳ ඔබට කිසිම අදහසක් නැතුව ඇති. නමුත් ලිනක්ස් වලින් වැඩ කරගෙන යාමට මේ පිළිබඳ දැනගැනීම ඔබට බොහෝම ප්‍රයෝජනවත් වේවි.

මෙහෙයුම පද්ධතියක් යනු සම්පත් කළමණාකරුවෙක්.  පරිගණකයේ දෘඩාංග හා ක්‍රියාවලි පාලනය කරමින් පරිශීලකයාට අවශ්ය කාර්යයන් සිදු  කරගැනීමට  ඉඩ සලසා දීම මෙහි ප්‍රධාන භාවිතයයි.
මෙහෙයුම් පද්ධතියක් දෘඩංග සම්ඟ සම්බන්ද වී මෙම කාර්යය සිදු කරනා ආකාරය සැකෙවින් පහත රූපයේ පෙන්වා ඇත.

ලිනක්ස් ඉගෙන ගමු.


ලිනක්ස් ගැන කථා කරන්නම් කියලා මේ බ්ලොග් එක පටන් ගත්තට අන්තිම ලිපි කිහිපයෙන්ම කථා කරේ උබුන්ටු ගැනනේ. ලිනක්ස් ඉගෙන ගන්න යන ගමනේ අපිට ලිනක්ස් වලින් වැඩ කරන්න මොකක් හරි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ නිසයි උබුන්ටු ගැන කථා කරන්න වුනේ. ඒත් මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණ ලිනක්ස් ගැන අපේ දැනුම බෙදාගැනීම මිස උබුන්ටු ගැන කථා කිරීම නොවේ. නමුත් ජනප්‍රිය ලිනක්ස් ඩිස්ට්‍රෝවක් වන උබුන්ටු ගැනත් කථා නොකරම බෑ. ඒ නිසා උබුන්ටු ගැන වෙනමම කථා කරන්න තව බ්ලොග් එකක් ලිව්වා. මින් පසු උබුන්ටු ගැන විශේෂ ලිපි උබුන්ටු ලෝකය නව බ්ලොග් එකෙන් බලාගන්න පුලුවන්. මූලික පරමාර්තය වූ ලිනක්ස් ගැන සාකච්ඡා කරන්න මේ ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක භාවිතා කරමු.

උබුන්ටු ස්ථාපනය කරන ආකාරය.


දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ  ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. හරි එහෙනම් අපි පටන් ගමු. ඔබ ලග ඉහත සඳහන් උබුන්ටු ස්ථාපකයක් නැත්නම් පෙර ලිපි තුලින් නැවත අරඹන්න.
ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න