පසුගිය ලිපියෙන් මේ අවසර තත්ව හා හිමිකාරිත්වය එහෙමත් නැත්තම් permissions ගැන මූලික වැටහීමක් ලැබෙන්න ඇතිනේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ එම පාඩමේ දෙවන කොටස. අපි අද බලමු අපේ පද්ධතියේ තියෙන ෆයිල්ස් වල මෙම අවසර තත්ව හා හිමිකාරීත්වය පරීක්ෂා කරන හැටි හා ඒවා වෙනස් කරන්නේ කොහොමද කියලා.

අවසර තත්වයන් පරික්ෂා කරමු.


 දැන් අපි යම් ගොනුවක හෝ ෆයිල් එකක අවසර තත්වයන් හා හිමිකාරීත්වය පරීක්ෂා කරමු. මේ සඳහා මූලිකවම භාවිතා කරන්නේ අපි ලිනක්ස් විධාන ලිපියේ සාකච්ඡා කල ls විධානයයි. මෙසේ හිමිකාරීත්වය හා අවසර තත්වය පරීක්ෂා කිරීම සඳහා විධානයට l යනුවෙන් විකල්ප විධානයක් ලබා දීම අවශ්‍යය වෙනවා.

 එවිට සම්පූර්ණ විධානය පහත ආකාරයෙන් දැක්විය හැකිය.

$ ls -l


මෙම විධානය ඔබගේ ටර්මිනලයට copy & paste කර බලන්න.

බැලූබැල්මට ටිකක් විතර පැටලලි සහගතයි නේද..? හරි පොඩ්ඩක් ඔහොම ඉන්න අපි දැන් ඉහත විධානය අපිට ලබාදුන් ප්‍රථිඵලය විශ්ලේෂණය කර බලමු.

අවසර තත්වය අවබෝධ කරගනිමු.

දැන් මේ පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරමු.
  1. වර්ගය (Type)
    ලිපියේ මුලින්ම ලිනක්ස් වල භාවිතා කරන ෆයිල් වර්ග පිළිබඳව හැඳින්වීමක් සිදු කලානේ. මෙතන මේ පළවෙනි අක්ෂරයෙන් දක්වා තිබෙන්නේ අදාල ෆයිල් එක අයත් වර්ගය පිළිබඳවයි.
    පහත දක්වා තිබෙන්නේ ඒ ඒ අක්ෂර වල තේරුමය.
            d  = ගොනුවක් ෆෝල්ඩරයක්/ඩිරෙක්ටරයක්
             -  = සාමාන්‍යය ෆයිල් එකක්.
            l   = මෘදු සම්බන්ධකයක්.
            c  = character උපකරණ ෆයිල් එකක්
            b = block උපකරණ ෆයිල් එකක්
            s  = Unix domain socket
            p = named pipe
     මෙහි අවසානයට දක්වා ඇති Unix domain socket හා named pipe ෆයිල්ස් පිළිබඳව පසුව සාකච්ඡා කරමු.
    උදාහරණයක් ලෙස අප ඉහත පරීක්ෂා කල ෆයිල් එක ඩිරෙක්ටරයක් එහෙමත් නැත්තම් ෆෝල්ඩරයක් ලෙස දැක්වීමට d අකුර භාවිතා කර තිබෙනවා.

  2. අවසර තත්වය (Permissions)
    මෙම දෙවන කොටසින් පෙන්වා ඇත්තේ ෆයිල් එකෙහි අවසර තත්වයන්ය. ඇත්තටම පෙර සාකච්ඡා කල පරිදි මෙම අවසර වර්ග 3 භාවිතා කරන කොටස් 3ට වෙන් වෙන් වශයෙන් අවසර තත්ව 9ක් මෙහි දැක්වේ. මුලින්ම අවසර තත්වයන් නිරූපණය කිරීමට යොදාගන්නා සංකේත දැනගනිමු.
            r   = read permission කියවීමට ඇති අවසරය.
            w = write permission ලිවීමට (වෙනස් කිරීමට ඇති අවසරය.)
            x  = execute permission ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය.
             -  = no permission කිසිදු අවසරයක් නොමැත.
     හොඳයි රූපයේ 2 කොටසේ මුලින්ම දක්වා ඇත්තේ ෆයිල් එකෙහි අයිතිකරු එහෙමත් නැත්තම් එය නිර්මාණය කල පරිශීලකයාට ඇති අවසර තත්වයයි. මෙම උදාහරණය අනුව අයිතිකරුට තිබෙන්නේ rwx ආකාරයේ අවසරයන්ය. එනම් ෆයිල් එක කියවීමට, ලිවීමට සහ ක්‍රියාත්මක කිරීමට ඇති අවසරයයි.
    මීළඟට ඇති අකුරු 3න් දැක්වෙන්නේ කණ්ඩායමට ඇති අවසර තත්වයන්ය. මෙම උදාහරණය අනුව කණ්ඩායම සඳහා r-x ආකාරයේ අවසරයන් පවතී. එනම් මෙම ෆයිල් එක වෙනස් කිරීමට කණ්ඩායමට අවසර නැත.
    මෙම අවසර තත්වයන් සංකේතවත් කරන අකුරු 9යෙන් අවසාන අකුරු 3 අදාල වන්නේ වෙනත් පාර්ශවයන්ට තිබෙන අවසර තත්වයන් නිරූපණයටයි. මෙම උදාහරණය අනුව වෙනත් පාර්ශවය සඳහා r-x ආකාරයේ අවසරයක් ලබා දී ඇති බව නිරූපණය කෙරේ. එහි අර්ථය වෙනත් පාර්ශව සඳහා මෙම ෆයිල් එක වෙනස් කිරීමට එනම් මෙම ෆයිල් එකට දත්ත ඇතුලු කරන්න, ඉවත් කරන්න හෝ වෙනස් කිරීමට අවසර නොමැති බවය.

  3. සම්බන්ධක ගණන (Links)
    මෙම 3 කොටසේ දක්වා ඇත්තේ අදාල ෆයිල් එක හා සම්බන්ධ දෘඩ සම්බන්ධක වල එකතුවයි.

  4. අයිතිකරු (Owner)
    මෙම කොටසින් නිරූපණය වන්නේ ෆයිල් එකෙහි හිමිකම ඇති පරිශීලකයාගේ නමය. සාමාන්‍යයෙන් ෆයිල් එකක අයිතිය හිමිවන්නේ එය නිර්මාණය කල පරිශීලකයාටයි.

  5. කණ්ඩායම (Group)
    මෙම කොටසින් අදාල ෆයිල් එක අයිති පරිශීලකයා අයත් පරිශීලක කණ්ඩායම නිරූපණය කෙරේ.

  6. ප්‍රමාණය (Size)
    අදාල ෆයිල් එකෙහි ප්‍රමාණය බයිට්(B) වලින් මෙම කොටසින් දැක්වේ. ඕනෑම ඩිරෙක්ටරයක ප්‍රමාණය බයිට් 4096ක් බව පරික්ෂා කිරීමේදී දැනගත හැකිවේ. මෙයින් දැක්වෙන්නේ ඩිරෙක්ටරයක ප්‍රමාණය මිසක් එහි අන්තර්ගතයේ ප්‍රමාණය නොවේ.

  7. දිනය (Date)
    අදාල ෆයිල් එක නිර්මාණය කල දිනය මෙහි දැක්වේ.

  8. වේලාව (Time)
    මෙම කොටසින් අදාල ෆයිල් එක නිර්මාණය කල වේලාව 24 පැය ආකාරයෙන් දැක්වේ.

  9. නම (File Name)
    අදාළ ෆයිල් එකෙහි නම මෙම කොටසින් දැක්වේ.
දැන් ඔබට ඔබගේ පද්ධතියේ පවතින ඕනෑම ෆයිල් එකක අවසර තත්වය හා එහි හිමිකාරීත්වය පරීක්ෂා කල හැකිය. කියවීමෙන් පමණක් මෙවැනි දේවල් නිසියාකාරව ඉගෙනගත නොහැකිය. ඔබ විසින්ම සිදු කරන්නා වූ අභ්‍යාස වලින් දන්න දේ ඔබට තවත් පුළුල් කර ගැනීමට හැකිය. එම නිසා ඉහත ඔබ විසින් ඉගෙනගත්ත දේවල් නැවත නැවත භාවිතා කර බලන්න.
 මෙම අවසර තත්වයන් වෙනස් කිරීම පිළිබඳව මීළඟ ලිපියෙන් අපි විස්තරාත්මකව සාකච්ඡා කරමු.


4 අදහස්...:

Tricks to handle MS PowerPoint presentation Smartly October 10, 2012 at 11:35 AM  

නියම වැඩක් මගෙන් සුභ පැතුම් මමත් බලනවා

Anonymous October 11, 2012 at 12:23 AM  

අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.

Gayan Buddhika June 7, 2013 at 9:01 AM  

සුපිරියි computer science 1st symester ආවරනය වෙනවා

Dulanja Subodhana June 8, 2013 at 1:20 AM  

@Nature
Thank you..!
Cheers....!!!!

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න