මෙහෙයුම පද්ධතියක් යනු සම්පත් කළමණාකරුවෙක්.  පරිගණකයේ දෘඩාංග හා ක්‍රියාවලි පාලනය කරමින් පරිශීලකයාට අවශ්ය කාර්යයන් සිදු  කරගැනීමට  ඉඩ සලසා දීම මෙහි ප්‍රධාන භාවිතයයි.
මෙහෙයුම් පද්ධතියක් දෘඩංග සම්ඟ සම්බන්ද වී මෙම කාර්යය සිදු කරනා ආකාරය සැකෙවින් පහත රූපයේ පෙන්වා ඇත.


මේ රූපයෙන් පෙන්වා ඇති පරිදි සාමන්යය පරිගණක වැඩසටහන් එනම් ලිපි ලීවීම, අන්තර්ජාල සැරිසැරීම... වැනි වැඩසටහන් පරිශීලකයාට භාවිතා කිරීමට දෘඩාංග උපයෝගී කරගැනීමට කර්නලය යොදා ගැනීම සිදුවේ. මෙය ලිනක්ස් පමණක් නොව ඕනෑම මෙහෙයුම් පද්ධතියක සිදුවේ. ඔබ දැනටමත් භාවිතා කර ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේද කර්නලයක් ඇති නමුත් එය දැකීමට හෝ වෙනස් කිරීමට ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක මෙන් නොහැක. මෙය ලිනක්ස් වලටම අදාල වූ විශේෂ ලක්ෂණයකි.

දැන් අපි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන අංග ගැන විස්තර වශයෙන් කථා කරමු.

  • කර්නලය.
    අතිවිශාල දෘඩාංග සංඛයාවකට (ගැර්ෆික් කාඩ්පත්, ජාලගත කාඩ්පත්, දෘඩ තැටි... ආදී වූ) අදාල ධාවක වලින්ද, උසස් ක්‍රියාවලි සහ මතක කළමණාකරන අංග වලින්ද ලිනක්ස් කර්නලය සමන්විත වේ. තවද විශාල ෆයිල් වර්ග (NTFS, DOS ඇතුලු බොහෝ ෆයිල් වර්ග) ගණනාවකටම මෙම කර්නලය සහය දක්වයි. මේ වන විට Linux 3 සංස්කරණය දක්වා කර්නලය වැඩි දියුණු වී  ඇත.
  • Shell සහ රූපක තිර අතුරු මුහුණත්.
    ලිනක්ස් ක්‍රම දෙකක විධාන ආදානය සඳහා සහය දක්වයි. ඒවා නම් අකුරු පමණක් භාවිතා කරන විධාන (textual command line shells) සහ රූපක තිර (graphical interfaces (GUIs))  මඟින් ලබා දෙන විධාන වේ.
  • පද්ධති උපයෝගීතාවය.
    පද්ධතියේ කාර්යයන් සිදු කරගැනීමට අදාළ වන උපයෝගී අංග එනම් ගොනු කළමණාකර ගැනීමට අදාළ විධාන වගේම ජාලගත කටයුතු සඳහා වන විධාන ආදී වූ පද්ධති කාර්යයන් සඳහා වූ උපයෝගී අංග රාශියක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක අඩංගු වේ.
  • භාවිත සහ වැඩසටහන්.
    එනම් පරිශීලකයා විසින් තමාගේ අවශ්යතා ඉටු කර ගැනීමට භාවිතා කරන්නා වූ යම් යම් වැඩසටහන් හා මෘදුකාංග ආදිය විශාල ප්‍රමානයක් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක අඩංගු වේ.
ඉහත කෙටියෙන් සඳහන් කර ඇත්තේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ප්‍රධානම අංග පිළිබඳව වන අතර ලිනක්ස් භාවිතා කිරීමට මේවා ඉගෙනගැනීමට අවශ්යය නොවන අතර, ඔබ පරිගණක ක්ෂෙත්‍රයේ දිග ගමනක් යෑමට බලාපොරුත්තුවන්නේ නම් මේවා ගැන තරමක් හෝ දැනගැනීම ඔබට වඩා පහසුවක් වන බැවින් මේවා ගැන මෙසේ පොඩි සටහනක් තැබුවේ.

මූලික සංකල්ප හරියටම අධයනය කිරීම තුලින් ඔබට මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවීනයෙක් විය හැකියි. මෙම ලිපිය ලියන ලද්දේ අතිශයින්ම මේවාට ආධුනිකයෙකුට ප්‍රයෝජන විය හැකි බැවිනි.
ලිනක්ස් පද්ධතියක ගොනු ආකෘතිය හා කළමණාකරනය ගැන මීළඟ ලිපියෙන් බලාපොරුත්තුවන්න.

27 අදහස්...:

ලහිරු September 13, 2012 at 4:19 PM  

වැදගත් ලිපියක්... ඉක්මනටම ඊළඟ ඒවත් දාන්න!

Anonymous September 13, 2012 at 4:19 PM  

Thanx..............

I'm Ishan...........

Anonymous September 13, 2012 at 7:04 PM  

ඉතාම වැදගත් ලිපියක්. හැබැයි ලිනක්ස් සිංහලෙන් කියලා Graphical Interface එකට රූපක තිර කියලා කියන්න එපා. ඉංග්‍රීසි වචන එහෙම්මම පාවිච්චි කරන්න.

ෂදීශ් ගේ සටහන September 13, 2012 at 10:17 PM  

ඉතාමත් අගනා කටයුත්තකි!ජයවේවා දිගටම යන්න......

Dulanja Subodhana September 13, 2012 at 10:48 PM  

බොහෝම ස්තුතියි. මීළඟ ලිපි ඉක්මනටම පල කරන්න උත්සහ කරනවා....

Dulanja Subodhana September 13, 2012 at 10:52 PM  

ඒක ගැන මාත් සෑහෙන්න හිතුවා. මටත් තේරුනා සමහර වචන ඒ විදිහටම භාවිතා කරන එක ගැලපෙනවා කියලා. අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි. ඊළඟ ලිපි කියවීමට පහසු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

Dulanja Subodhana September 13, 2012 at 10:54 PM  

අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි.. ජය වේවා...!

Dulanja Subodhana September 13, 2012 at 10:54 PM  

අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි.. ජය වේවා...!

Unknown September 14, 2012 at 11:13 AM  

mamath LINUX walata harima kamati. But a gena knoledge eka madi. Thak u for your valuable learning series

Tharindu September 14, 2012 at 7:42 PM  

එළ නියම ලිපියක් දිගටම ලියන...

ඔබට ලිපි ලිවීම සදහා LPI Doc from IBM උපකරි වේ යඊ සිතන්වා

Anonymous September 15, 2012 at 9:33 AM  

එළ /// දිගටම ලියන්න , අපි කියවනවා !

Anonymous September 15, 2012 at 12:53 PM  

thankz machaan...oyage knowledge eka share karanawata...oyata jayawewa!!!..oyata waradinne nehe...honda wadak...

BR_SL September 15, 2012 at 4:28 PM  

එල එල.. දිගටම ලියමු... :)

Dulanja Subodhana September 17, 2012 at 8:03 PM  

එන්න බය නැතුව ලිනක්ස් භාවිතා කරන්න. දැනුම බෙදා ගන්න අය ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසා ලිනක්ස් ඉගෙනගන්න හිතන තරම් අමාරු නෑ.

Dulanja Subodhana September 17, 2012 at 8:05 PM  

මේ ගැන මම කලින් දැන ගෙන හිටියේ නෑ. බොහෝම ස්තූති දැනුවත් කිරීමට. ජය වේවා...!

Dulanja Subodhana September 17, 2012 at 8:06 PM  

අදහස් දැක්වීමට බොහෝමත් ස්තූති. ඔන්න අනිත් ලිපියත් දැම්මා... ජය වේවා.....!

Dulanja Subodhana September 17, 2012 at 8:07 PM  

අදහස් දැක්වීමට බොහෝමත් ස්තූති. ඔන්න අනිත් ලිපියත් දැම්මා... ජය වේවා.....!

Dulanja Subodhana September 17, 2012 at 8:11 PM  

පුංචි කාලේ ඉඳන්ම වින්ඩෝස් භාවිතා කරලා අපේ හැකියාවන් මොට්ට කරලා තියෙන්නේ. ලිනක්ස් වගේ දෙයක් ඉගෙන ගත්තම අපිට හිතලා යමක් කරගන්න පුලුවන් හැකියාව වැඩිවෙනවා. ලිනක්ස් කියන්නේ කොහොමත් Open Sourceනේ ඉතිං දන්න දේත් Share කරන එක ලිනක්ස් වලටම ගැලපෙනවා. අදහස් දැක්වීමට බොහෝමත් ස්තූති. ජය වේවා.....!

Anonymous September 18, 2012 at 12:07 PM  

Good. keep it up....

Anonymous March 10, 2013 at 8:31 AM  

Bohoma sthuthi aiya

Unknown March 10, 2013 at 8:21 PM  

niyamai :) mamath windows walata addict wela htye
dan nam situation eka wenas wela:) thanx for sharing ur knowledge bro. digatama liyanna. jaya wewa :D

Unknown April 21, 2015 at 7:25 PM  

Good job bro.

Anonymous June 11, 2015 at 9:21 PM  

ගොඩක් වටිනවා. ස්තුතියි

siriniketha pirivena May 25, 2016 at 11:46 PM  

නියම ලිපිය.මාර වැදගත්.තෑන්ක්ස්

Unknown July 25, 2019 at 11:11 AM  

නියමයි

Anonymous January 25, 2022 at 4:10 PM  

Merit Casino: A Complete Guide of the Best Online Casinos
Learn all about this company, the history, and why you should have an account at this online casino. Read everything you หารายได้เสริม need to 카지노 know 메리트 카지노 about it.

gabrabkin March 4, 2022 at 8:21 PM  

Casino Bonus codes | Dr.MCD
Bonus Codes | Casino Bonus 익산 출장마사지 Codes | No Deposit Bonus Codes | 동해 출장샵 Free Spins | 과천 출장안마 No Deposit Bonus Codes | Latest promotions: December 안동 출장샵 2021.What casinos give bonus codes?Do casino bonuses 문경 출장안마 work?

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න