විධාන තවදුරටත්. - ලිනක්ස් පාඩම් මාලාව #4

පසුගිය ලිපියෙන් ලිනක්ස් විධාන කියන්නේ මොනවාද.. ඒවාගේ සාමාන්‍යය භාවිතය කුමක්ද කියන එක පිළිබඳව අපි කථා කරානේ. එම ලිපියෙන් සාකච්ඡා කල විධාන බොහෝමයක් ගොනු සමඟ ගනුදෙනු කිරීමේදී සුලභව භාවිතා වන විධාන වන අතර එම මූලික විධාන ඉගෙනගැනීම ඉදිරියේදි බොහෝ ප්‍රයෝජනවත් වේවී.
ඉතින් අද අපි කථා කරන්න බලාපොරොත්තු වන්නේ ගොනු කළමනාකරණය කිරීමේදී වැදගත් වන තවත් මූලික ලිනක්ස් විධන කිහිපයක් පිළිබඳවයි.



  • file
    මේ විධානයෙන් අපිට ඕනෑම ෆයිල් එකක වර්ගය (type) බලාගන්න පුලුවන්. ඒ කියන්නේ ඒක text ෆයිල් එකක්ද, එහෙමත් නැත්තම් වෙන මොකක් හරිද කියලා අපිට බලාගන්න පුලුවන්. ටර්මිනල් එකෙන් ෆයිල්ස් එක්ක ගණුදෙනු කරද්දි ඒ ඒ ෆයිල් මොන මොන ඒවද කියලා බලගන්න ඕනේ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට මේ විධානය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
    උදාහරණයකට අපි හිතමු අපි වැඩකරන ඩිරෙක්ටරයේ තියෙන හැම ෆයිල් එකකම විස්තර බලාගන්න ඕනේ කියලා. එතකොට අපි විධාන කරන්න ඕනේ මේ විදිහට.

    $ file *
    මෙහෙම මේ * ලකුනෙන් කියන්නේ හැමදේම කියන එක. මේ විධානයෙන් කියවෙන්නේ මේ ඩිරෙක්ටරයේ තියෙන හැම ෆයිල් එකකම විස්තරයක් දෙන්න කියලා.
    මෙතනදී ඩිරෙක්ටර් ඇති විට ඒවා ඩිරෙක්ටර් ලෙසටත් අනික් ෆයිල් වලට අඳාල ෆයිල් එකේ වර්ගයත් පෙන්නනවා. ලිනක්ස් වල වැඩ කරගෙන යද්දි මේක කොච්චර ප්‍රයෝජනවත්ද කියලා තේරෙයි.
  • cat
    පරිගණකයේ අපි භාවිතා කරන සියලුම ෆයිල්ස් වර්ග දෙකකට බෙදිය හැකිය. එනම් text ෆයිල්ස් හා non-text ෆයිල්ස් ලෙස. text ෆයිල්ස් ව්ලට උදාහරණ ලෙස .txt විදිහට තියෙන ෆයිල්ස්, ජාවා, C හෝ වෙනත් ඕනෑම පරිගණක භාෂාවකින් ලියපු කේත සටහන් අඩංගු ෆයිල්ස්, පද්ධතියේ විවිධ දත්ත අඩංගු ෆයිල්ස් දැක්විය හැකි අතර, non-text හෙවත් ටෙස්ට් නොවන ෆයිල්ස් ලෙස අපි භාවිතා කරන රූප එනම්
    .jpg, .png, .psd, .bmp.... ආකාරයේ ෆයිල්ස්, .mp3, .avi, .wmv, .pdf ෆයිල්ස් වැනි දේ උදාහරණ ලෙස දැක්විය හැකිය.
    ටර්මිනල් එක හරහා පද්ධතිය සමඟ ගනුදෙනු කිරීමේදී ඇතැම් විට මේ ටෙක්ස්ට් ආකාරයේ ෆයිල්ස් වල අඩංගු දේවල් පරික්ෂා කිරීමට සිදුවේ. එවිට එම ෆයිල්ස් විවෘත නොකර ටර්මිනල් එකේදිම බලාගන්න පුලුවන් විධානයක් තමා මේ cat කියන්නේ. අපිට යම් කිසි ටෙක්ස්ට් ෆයිල් එකක් පරික්ෂා කරන්න ඕනේ නම් අපිට කරන්න තීයෙන්න cat file_name කියලා විධාන කරන්න විතරයි.
    ඇත්තටම මේ cat විධානය භාවිතා කරන්නේ ටෙක්ස්ට් ෆයිල්ස් බලාගන්නම විතරක් නෙවේ. මේ cat විධානය භාවිතා කරලා අපිට ටෙක්ස්ට් ෆයිල් එකක් හදා ගන්නත් පුලුවන්. අපි මේ ප්‍රයෝජන දෙක පිළිබඳවම උදාහරණ වශයෙන් කථා කරමු.


    1. ටෙක්ස්ට් ෆයිල් එකක් පරීක්ෂා කිරීම.
      උදාහරණයකට හිතන්න මම දැන් වැඩ කරන ඩිරෙක්ටරයේ textFile කියලා ටෙක්ස්ට් ෆයිල් එකක් තියෙනවා ඒක මට පරීක්ෂා කරගන්න ඕනේ කියලා.

      මෙතන මුලින්ම ls විධානය භාවිතා කරලා වැඩ කරන ඩිරෙක්ටරයේ ලයිස්තුවක් බලා ගත්තා. ඔයාලට පේනවා ඇති එහි textFile  කියලා ෆයිල් එකක් තියෙනවා. ඒක පරික්ෂා කරන්න විධාන කරලා තියෙන්නේ මේ විදිහට.

      $ cat textFile

      රූප සටහන බලද්දි තේරෙයි එහෙම විධාන කරාම ඒ ටෙක්ස්ට් ෆයිල් එකේ තියෙන දේවල් ටර්මිනල් එකේම පෙන්නන හැටි.
      මේ විදිහට ඕනෑම ටෙක්ස්ට් ෆයිල් එකක් ඔබට ටර්මිනල් එකේ ඉද්දිම ඒවා විවෘත නොකර පරික්ෂා කරගත හැකිය.
    2. ටෙක්ස්ට් ෆයිල් එකක් නිර්මාණය කරගැනීම.
      විධානය භාවිතා කර අපිට ටෙක්ස්ට් ෆයිල් එකක් නිර්මාණය කරගැනීම සඳහා කළ යුත්තේ,

      $ cat > testලෙස විධාන කිරීමයි. මෙහි test යනුවෙන් දී ඇත්තේ අපි නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තු වන ෆයිල් එකේ නමය. මේ සඳහා ඔබට කැමති නමක් දෙන්න. ඉන්පසු ටර්මිනල් එකෙම ඔබට අවශ්‍යය විස්තරය ටයිප් කර ඇතුලත්(Enter) කර Ctrl සමඟ C යතුර (ctrl + c) තද කරන්න. දැන් ඔබ ඇතුලත් කල දත්ත අඩංගු ටෙක්ස්ට ෆයිල් එකක් අප ලබාදුන් නම යටතේ ටර්මිනලය වැඩ කරමින් සිටි ඩිරෙක්ටරයේ පවතී. එය ls විධානය මඟින් පරික්ෂා කල හැකි අතර එම ටෙක්ස්ට් ෆයිල් එකේ අන්තර්ගතය පරික්ෂා කිරීමට නැවත cat විධානයම භාවිතා කරන්න.

    වැදගත්:
    • මෙලෙස විධානය භාවිතා කර පරික්ෂා කල හැක්කේ ටෙක්ස්ට් ෆයිල්ස් පමණක් වන අතර අත්හදා බැලීම සඳහා ටෙක්ස්ට් නොවන ෆයිල් කිහිපයක් මෙම විධානයෙන් පරික්ෂා කර බලන්න.
    •  cat යනු අංග සම්පූර්ණ text editor එකක් නොවන අතර හදීසි අවස්ථාවල note එකක් තබා ගැනීමට, කුඩා ප්‍රමානයේ ජාවා හෝ C වැනි පරිගණක භාෂාවක් භාවිතා කර වැඩසටහනක් නිර්මාණය කරගැනීමට හෝ shell script වැනි දේ නිර්මාණය කරගැනීමට භාවිතා කල හැකි සරළ text editor එකකි.


  • head & tailhead සහ tail යනු පිළිවෙලින් ෆයිල් එකක මුල පේලි කිහිපය සහ අග පේලී කිහිපය බලාගන්න පුලුවන් විධාන දෙකක්. බලන්න ඕනේ පේලී ගාන අමතර විකල්ප විධානයක් වශයෙන් දෙන්නත් පුලුවන්.
    උදා:- test යන නමින් ඇති ෆයිල් එකේ,
    • මුල් පේළී 5 බැලීම සඳහා.

      $ head -5 test
    • අග පේළී 10 බැලීම සඳහා.

      $ tail -10 test

      -f යන විකල්ප විධානය භාවිතා කල විට නිරන්තරයෙන් වෙනස් වන ෆයිල් එකක අවසාන පේළී කිහිපය මෙම විධානය මඟින් පරික්ෂා කල හැකිය. ගොනු ආකෘතිය ගැන සාකච්ඡා කල ලිපියේ සඳහන් වූ var ඩිරෙක්ටරයේ ඇති නිරන්තරයෙන් වෙනස් වන විචල්‍ය හෙවත් variable ෆයිල්ස් වල අවසාන පේළී කිහිපය මෙම විධානය මඟින් පහසුවෙන් පරීක්ෂා කල හැකිය. මෙවැනි යෙදුම් ඉදිරියේදී අවශ්‍යය වේවී.

      උදා:- $ tail -f /var/log/messages විධානය මඟින් var ගොනුවේ log උප ගොනුව තුල ඇති messages නම් variable file එකේ නවතම දත්ත පරීක්ෂා කල හැකිය.
  • greptext files වල අන්තර්ගතය පරීක්ෂා කල හැකි අති ප්‍රබල විධානයක් තමා grep කියන්නේ. මේ විධානය භාවිතයෙන් එකක ඇති වචන සොයා බලන්න පුලුවන්. හරියටම කිව්වොත් අපිට අවශ්‍යය වචනය පවතින එකක කුමන පේළියක තියෙනවද කියලා search කරගන්න පුලුවන්. මෙවැනි ප්‍රබල විධානයක් අපි මෙතුවක් භාවිතා කල වින්ඩෝස් වල පවා නැත.

    උදා:- අපි ඉස්සෙල්ලා නිර්මාණය කරගත්තු test නම් ටෙක්ස්ට් ෆයිල් එකේ easy කියන වචනය තිබේද කියලා search කරගන්න ඕනේ කියලා හිතන්න.

    $ grep easy test

    මේ විදිහට විධාන කලාම පහත රූපයේ පරිදි ප්‍රථිඵලය ලැබෙනවා.

    මේ විදිහට අපිට ඕනෑම වචනයක් හෝ වාක්‍යය ඛණ්ඩයක් ඕනෑම ටෙක්ස්ට් ෆයිල් එකකින් සොයා ගන්න පුලුවන්.

    $ grep hello *.txt මේ විධානය මඟින් hello කියන වචනය තිබෙන සෑම ආකාරයේම .txt ෆයිල් වල search කරගන්න පුලුවන්.

    grep සමඟ භාවිතා කල හැකි විකල්ප විධාන බොහෝමයක් තියෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගන්න පුලුවන් අතර මේ සියලු විධාන අත්හදා බැලීම ඔබට බාරයි.
    grep විධානය භාවිතා කිරීමට පුරුදු වීම ටර්මිනලයේ වැඩ කිරීමෙදී විශාල පහසුවක් ගෙනදේ. මෙය අසීරු වැඩක් බව මුලින්ම භාවිතා කරන්න පටන් ගද්දි හිතුනට වැඩ කරන් යද්දී කොච්චර ලේසී ප්‍රයෝජනවත් දෙයක්ද කියලා තේරෙයි.
 මේ විධාන කිහිපයත් අත්හදා බලන්න. අන්තර්ජාලය ඇසුරින් තව තවත් විස්තර සොයා බලා විවිධ අත්හදා බැලීම් කරන්න. එසේ සිදු කරන අත්හදා බැලීම් ඔබව ලිනක්ස් ප්‍රවීනයෙක් කරන්න බෙහෙවින් උපකාර වෙවී.

4 අදහස්...:

rukshan September 25, 2012 at 9:32 AM  

elaz this is great...

Anonymous January 21, 2014 at 8:31 AM  

Elazz ayye

sameerbro September 7, 2015 at 10:13 PM  

niayamai

Dulanja Subodhana September 8, 2015 at 12:31 PM  

@sameera sandamal බොහෝම ස්තූතියි....

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න