ලිනක්ස් ඉගෙන ගමු.


ලිනක්ස් ගැන කථා කරන්නම් කියලා මේ බ්ලොග් එක පටන් ගත්තට අන්තිම ලිපි කිහිපයෙන්ම කථා කරේ උබුන්ටු ගැනනේ. ලිනක්ස් ඉගෙන ගන්න යන ගමනේ අපිට ලිනක්ස් වලින් වැඩ කරන්න මොකක් හරි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තියෙන්න ඕනේ නිසයි උබුන්ටු ගැන කථා කරන්න වුනේ. ඒත් මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණ ලිනක්ස් ගැන අපේ දැනුම බෙදාගැනීම මිස උබුන්ටු ගැන කථා කිරීම නොවේ. නමුත් ජනප්‍රිය ලිනක්ස් ඩිස්ට්‍රෝවක් වන උබුන්ටු ගැනත් කථා නොකරම බෑ. ඒ නිසා උබුන්ටු ගැන වෙනමම කථා කරන්න තව බ්ලොග් එකක් ලිව්වා. මින් පසු උබුන්ටු ගැන විශේෂ ලිපි උබුන්ටු ලෝකය නව බ්ලොග් එකෙන් බලාගන්න පුලුවන්. මූලික පරමාර්තය වූ ලිනක්ස් ගැන සාකච්ඡා කරන්න මේ ලිනක්ස් සිංහලෙන් බ්ලොග් එක භාවිතා කරමු.


දැන් මේ වෙද්දි ඔයලා හැමෝම ලිනක්ස් කියන්නේ මොකද්ද...? මොන වගේ දෙයක්ද කියලා දන්නවා ඇති නේ. හරි හැටි අවබෝධයක් නැත්තම් පෙර ලිපි නැවත කියෙව්වත් කම්ක් නෑ ඉතින්.

ඉතිං අද ඉදන් පටන් ගන්න යන්නේ ලිනක්ස් සිංහලෙන් පාඩම් මාලාවයි.
ඉතාමත් මූලික සිද්ධාන්ත වලින් ආරම්භ කර ඉදිරියට යෑමට්යි මගේ අරමුණ.
මේ පාඩම් මාලවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන මාතෘකා පිළිබඳ දළ අදහසක් පහත
දැක්වේ.
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක නිරිමිතය. Architecture of Linux.
  • ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ෆයිල් වයුහය. File Structure.
  • ලිනක්ස් විධාන. Commands.
  • විධාන භාවිතයෙන් ෆයිල් හැසිරවීම. File operations & File permissions.
  • විධාන භාවිතයෙන් පරිගණකය හැසිරවීම. Uses of commands.
  • පරිගණකයේ සැකසීම හා ක්‍රියාවලි කළමණාකරනය. Process & Pipes.
  • ලිනක්ස් පද්ධති අංග. Linux System utilities.
  • නිතර භාවිතා වන ලිනක්ස් යෙදුම්. Linux Applications.
  • මෙහෙයුම් පාලක සංකල්ප සහ ක්‍රියාන්විත. System administration concepts and tasks,
  • Shells and shell scripts.
  • Advanced shell scripting.

මෙතන ඉදිරිපත් කර තිබෙන්නේ දළ අදහසක් පමණි. ඔබගේ යෝජනා හෝ යම් කිසි අදහසක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
වැඩි විස්තර සඳහා udsubodhana@gmail.com විද්යුත් ලිපිනයෙන් සම්බන්ධ විය හැකිය.

එහෙනම් අපි ලිනක්ස් ගැන දන්න සිංහලෙන්ම ඉගෙන ගන්න පටන් ගමු.

2 අදහස්...:

මාධව විදුරංග September 18, 2012 at 3:08 PM  

ස්තූතියි!

Unknown August 26, 2013 at 12:55 AM  

සහළාන සඳහා දායක වෙන්න කැමතිනම් මට කියන්න. ඔබ වගේ අය ලොකු සවියක්. www.sahalana.org

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න