Shell Scripting #3 - ගණිත කර්ම - Shell Arithmatics

හොඳයි අපි එහෙනම් Shell Scripting වල තවත් එක් වැදගත් මෙහෙයුමක් වන ගණිත කර්ම භාවිතය එහෙමත් නැත්තම් Shell Arithmetic ගැන ඉගෙන ගමු. Computer Programming වලදි අපි ගණිත කර්ම භාවිතා කරන විට එක එක පරිගණක භාෂාවට (Computer Language, Ex: Java, Python, C.. )  අනුව එම ගණිත කර්ම යොදා ගන්නා ආකාරය වෙනස් වෙනවා. Shell scripting කියන්නෙත් හරියට programming වගේ දෙයක්ම තමා. ඒ නිසා shell scripting වලදි ගණිත කර්ම යොදාගන්නේ කොහොමද කියලා අපි දැන් කථා කරමු.

Shell scripting වල ගණිත කර්ම භාවිතා කරද්දි අනුගමනය කරන්න ඕනේ මූලික ආකාරය.

Syntax:
expr var1 math-operator var2
var1 = විච්‍යය 1, var2 = විච්‍යය 2
math -operator යනු පහත දක්වා ඇති ගණිත කර්මයන්ය.
+, -, *, /, % (remainder), <, <=, =, !=, >=, >, | (OR) and & (AND).
උදාහරණ:
  • ඉලක්කම් සමඟ
    • $ expr 3 + 2
    • $ expr 5 - 3
    • $ expr 10 / 2
    • $ expr  5 \* 10
  • විචල්‍යය සමඟ
    • $ x=10
    • $ y=5
    • $ expr $x + $y
    • $ expr $x - $y
    • $ expr $x / $y
    • $ expr $x \* $y
    • $ echo `expr $x + $y`
    • $ echo `expr $x \* $y`
✔ සටහන: 
විධානය විධානය සමඟ භාවිතා කිරීමේදී expr විධානයට පෙර සහ පසුව ( ` ) සංකේතය භාවිතා කිරීමට වගබලා ගන්න. Back quote හෙවත් ( ` ) සංකේතය Single quote ( ' ) සහ Double quote ( " ) සංකේත සමඟ පැටලීමට ඉඩ ඇත.
( ` ) සංකේතය බොහෝවිට Tab key එකට ඉහලින් keyboard එකේ පිහිටා ඇත.
Single quote හෝ double quote සංකේත භාවිතා කලහොත් ගණිත කර්මය සිදුවනවා වෙනුවට ( ' ) එක හෝ ( " ) එක තුල ඇති සියලු දේ print වේ.


 විචල්‍යය භාවිතය. || විධාන භාවිතය.

1 අදහස්...:

Anonymous November 27, 2014 at 2:53 AM  

Post tikanam niyamai.
me wadai nawattannai natuwa digatama karagena yanna.
linux beginners kattiyala meka sahenna watinawa.
me topics ganath post danna.
4.විධාන භාවිතය - Command Line Processing.
5.තීරණ යෙදීම් භාවිතය - Decision making.
6.for, while loop භාවිතය - Control Flow.
7.Case Statement.
8.Advanced Shell Scripting.

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න