හොඳයි, පහුගිය ලිපියෙන් කථා කරා වගේ අපි මෙතැන් සිට Shell Scripting ඉගෙන ගන්නයි යන්නේ. ඒ සඳහා ආරම්භයක් විදිහට අපි මුලින්ම මේ Shell එක කියන්නේ මොකද්ද කියලා කථා කරමු.
අපි හැමෝම දන්නවා පරිගණකයේ භාෂාව 0 සහ 1 කියලා, ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව කියලා හඳුන්වන මෙම පරිගණකයට තේරෙන භාෂාවෙන් අපිට වැඩ කරන්න සෑහෙන්න අමාරුයි. ඒ නිසා පරිගණක තාක්ෂණය දියුණු වෙන මුල් කාලයේ මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයට විධාන ලබාදෙන්නත්, එම විධාන පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට පරිවර්ථනය කරන්න පුලුවන් මෙවලමක් අවශ්‍යය වුනා. Shell එක බිහිවුනේ මෙම අවශ්‍යයතාවය ඉටු කිරීමටයි.
Shell එක කියලා කියන්නේ පරිශීලක වැඩසටහනක් (user program), එය විධාන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති කර්නලයේ කොටසක් නොවන වැඩසටහනක්. නමුත් එය කර්නලය පාවිච්චි කරනවා විධාන ක්‍රියාත්මක කිරීමට සහ ෆයිල් සමඟ ගනුදෙනු කිරීමට. කෙටියෙන් කියනවා නම් Shell එක යනු කර්නලය හා පරිශිලකයා අතර ඇති Interface එකක් වැනි දෙයක්.