Shell Scripting #3 - ගණිත කර්ම - Shell Arithmatics

හොඳයි අපි එහෙනම් Shell Scripting වල තවත් එක් වැදගත් මෙහෙයුමක් වන ගණිත කර්ම භාවිතය එහෙමත් නැත්තම් Shell Arithmetic ගැන ඉගෙන ගමු. Computer Programming වලදි අපි ගණිත කර්ම භාවිතා කරන විට එක එක පරිගණක භාෂාවට (Computer Language, Ex: Java, Python, C.. )  අනුව එම ගණිත කර්ම යොදා ගන්නා ආකාරය වෙනස් වෙනවා. Shell scripting කියන්නෙත් හරියට programming වගේ දෙයක්ම තමා. ඒ නිසා shell scripting වලදි ගණිත කර්ම යොදාගන්නේ කොහොමද කියලා අපි දැන් කථා කරමු.

Shell scripting වල ගණිත කර්ම භාවිතා කරද්දි අනුගමනය කරන්න ඕනේ මූලික ආකාරය.

Syntax:
expr var1 math-operator var2
var1 = විච්‍යය 1, var2 = විච්‍යය 2
math -operator යනු පහත දක්වා ඇති ගණිත කර්මයන්ය.
+, -, *, /, % (remainder), <, <=, =, !=, >=, >, | (OR) and & (AND).
උදාහරණ:
  • ඉලක්කම් සමඟ
    • $ expr 3 + 2
    • $ expr 5 - 3
    • $ expr 10 / 2
    • $ expr  5 \* 10
  • විචල්‍යය සමඟ
    • $ x=10
    • $ y=5
    • $ expr $x + $y
    • $ expr $x - $y
    • $ expr $x / $y
    • $ expr $x \* $y
    • $ echo `expr $x + $y`
    • $ echo `expr $x \* $y`
✔ සටහන: 
විධානය විධානය සමඟ භාවිතා කිරීමේදී expr විධානයට පෙර සහ පසුව ( ` ) සංකේතය භාවිතා කිරීමට වගබලා ගන්න. Back quote හෙවත් ( ` ) සංකේතය Single quote ( ' ) සහ Double quote ( " ) සංකේත සමඟ පැටලීමට ඉඩ ඇත.
( ` ) සංකේතය බොහෝවිට Tab key එකට ඉහලින් keyboard එකේ පිහිටා ඇත.
Single quote හෝ double quote සංකේත භාවිතා කලහොත් ගණිත කර්මය සිදුවනවා වෙනුවට ( ' ) එක හෝ ( " ) එක තුල ඇති සියලු දේ print වේ.


 විචල්‍යය භාවිතය. || විධාන භාවිතය.

Linux සිංහලෙන් Shell Scripting #2.3 - විචල්‍යය භාවිතය.

මුලින්ම අවුරුද්දකට අධික කාලයක් ලිපියක් පළ නොකරාට පාඨක ඔබ සැමගෙන් සමාව ඉල්ල සිටිනවා. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතු සමඟ කාර්‍යබහුල වුන බැවින් මෙතරම් කාලයක් බ්ලොග් එකේ වැඩ කටයුතු අඩාල වුන එකට නැවතත් සමාව ඉල්ලා සිටිනවා. මේ කාලයේදී නැවත ලිපි ලියන්න කියා දිරිමත් කල සියලු දෙනාට බොහෝමත් ස්තූතියි.
හොදයි අපි එහෙනම් නවත්තපු තැනින්ම පටන් ගමු.  ඔබට මතක ඇති අපි සාකච්ඡා කරමින් සිටියේ ගැන. Shell Scripting වලදි variables define එහෙමත් නැත්තම් විච්‍යය අර්ථ දැක්වීම තමා අපි අවසානයට කථා කරමින් සිටියේ. අද අපි කථා කරන්න යන්නේ මෙම අපි විසින් define කරන ලද variables කොහොමද භාවිතා කරන්නේ කියලා.

විචල්‍යය අර්ථදැක්වීමේදි පිළිපැදිය යුතු නීතී සහ රීතී.

  1. විචල්‍යය නමක අක්ෂර, ඉලක්කම් සහ සංකේත යන මේ 3න් වර්ගයම අඩංගු විය හැකි නමුත් එම විචල්‍යය නම ආරම්භ කල යුත්තේ අක්ෂරයකින් හෝ _ සංකේතයකින් පමණි.
    උදාහරණ ලෙස පහත තිබෙන්නේ වලංගු විචල්‍යය නම් කිහිපයකි.
    HOME
    var1
    var_2
    _num
  2. විචල්‍යය නමකට space හෝ *, ? සංකේත භාවිත කල නොහැක. එම නිසා විචල්‍යය නම් කිරීමේදී ඒවා භාවිතා කිරීමෙන් වැළකෙන්න.

Shell Scripting #2.1 - විචල්‍යය - Variables.

පසුගිය ලිපිය තුලින් shell scripting ගැන මූලික අදහසක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඇත්තටම බැලුවම මේ shell scripting කියන්නෙත් programming කරනවා වගේ වැඩක් තමා. අපි දන්නවා programming වලදි අපිට variables එහෙමත් නැත්තම් විචල්‍යය භාවිතා කිරීමට සිදු වෙනවා. අපි අද කථා කරන්න යන්නේ shell scripting වලදි විචල්‍යය භාවිතා කරන්නේ කොහොමද කියලා.
මුලිකවම shell scripting වලදි භාවිතා කරන විචල්‍යය වර්ග 2ක් තියෙනවා.

Shell Scripting #1 - හැඳින්වීම

හොඳයි, පහුගිය ලිපියෙන් කථා කරා වගේ අපි මෙතැන් සිට Shell Scripting ඉගෙන ගන්නයි යන්නේ. ඒ සඳහා ආරම්භයක් විදිහට අපි මුලින්ම මේ Shell එක කියන්නේ මොකද්ද කියලා කථා කරමු.
අපි හැමෝම දන්නවා පරිගණකයේ භාෂාව 0 සහ 1 කියලා, ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව කියලා හඳුන්වන මෙම පරිගණකයට තේරෙන භාෂාවෙන් අපිට වැඩ කරන්න සෑහෙන්න අමාරුයි. ඒ නිසා පරිගණක තාක්ෂණය දියුණු වෙන මුල් කාලයේ මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයට විධාන ලබාදෙන්නත්, එම විධාන පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට පරිවර්ථනය කරන්න පුලුවන් මෙවලමක් අවශ්‍යය වුනා. Shell එක බිහිවුනේ මෙම අවශ්‍යයතාවය ඉටු කිරීමටයි.
Shell එක කියලා කියන්නේ පරිශීලක වැඩසටහනක් (user program), එය විධාන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති කර්නලයේ කොටසක් නොවන වැඩසටහනක්. නමුත් එය කර්නලය පාවිච්චි කරනවා විධාන ක්‍රියාත්මක කිරීමට සහ ෆයිල් සමඟ ගනුදෙනු කිරීමට. කෙටියෙන් කියනවා නම් Shell එක යනු කර්නලය හා පරිශිලකයා අතර ඇති Interface එකක් වැනි දෙයක්.

Shell Script ඉගෙනගමු.

පහුගිය මාස කිහිපයේ අධ්‍යාපන කටයුතු සමඟ තිබුන කාර්‍යබහුලත්වය නිසා ලිපි පළකිරීමට නොහැකිවීම සම්බන්ධයෙන් මුලින්ම සමාව ඉල්ලා සිටිනවා.
මේ බ්ලොග් එකේ ලිපි පෙළ අනුගමනය කිරීමෙන් ඔබට දැන් ලිනක්ස් පද්ධතිය සමීප වන්නට ඇතැයි සිතමි.

 හොඳයි, එහෙනම් අද පටන් ලිනක්ස් පද්ධතිවල නිරන්තරයෙන් භාවිතා කරන shell scripting  ගැන ඉගෙන ගන්න පටන් ගමු.
මෙම පාඩම් මාලාව පහත පරිදි කොටස් කිහිපයකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

  1. හැඳින්විම - Introduction.
  2. විචල්‍ය භාවිතය - Variables.
  3. ගණිත කර්ම භාවිතය - Shell Arithmatics.
  4. විධාන භාවිතය - Command Line Processing.
  5. තීරණ යෙදීම් භාවිතය - Decision making.
  6. for, while loop භාවිතය - Control Flow.
  7. Case Statement.
  8. Advanced Shell Scripting.
මෙම පාඩම් මාලාව මූලිකවම කොටස් 8කින් සහ ඒ ඒ කොටස් වලට අදාල අනු කොටස් තුලින් විස්තාරත්මකව සාකාච්ඡා කිරීම ඉදිරි සති කිහිපය තුල සිදු කිරීමට බලාපොරොත්තු වෙමි.
 ලිනක්ස් සිංහලෙන් සමඟ මෙතුවක් රැඳී සිටියාට ස්තූතිවන්ත වෙන අතර, ඔබගේ ප්‍රතිචාර සහ අදහස් බලාපොරොත්තු වෙමි.

දැනුම්දීම
ලිනක්ස් කථා බහ හෙවත් Forum එක Linux Lanka Forum එක තුලට ගෙනයන ලදි, එකම ප්‍රශ්න ගැන තැන් තැන් වල කථා කරනවාට වඩා එකම තැනක කථා කිරීම සියල්ලන්ටම වඩා ප්‍රයෝජනවත් වේ. ඔබගේ ගැටළු එම ෆෝරමයට හෝ udsubodhana@gmail.com ලිපිනයට යොමු කරන්න.

ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.

ෆයිල්ස් වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය ගැන කථා කරපු ලිපි පෙලේ අන්තිම ලිපිය තමයි මේක. මෙච්චර දවසක් අපි කථා කරේ ෆයිල්ස් වල අවසර තත්වය පිළිබඳවයි, අද අපි කථා කරන්න යන්නේ ෆයිල්ස් වල හිමිකාරීත්වය ගැන.
ෆයිල්ස් වල හිමිකාරිත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කථා කරන විට මුලින්ම දැන ගන්න ඕනේ අපි හිමිකාරිත්වය වෙනස් කරන ෆයිල්ස් වල හිමිකාරීත්වය තිබෙන්නේ කාටද කියලා. මොකද අපිට වෙනස් කරන්න පුලුවන් අපිට අයිති/හිමි ෆයිල්ස් පමණයි. එහෙම නැත්තම අපි මේ විධාන භාවිතා කරද්දි රූට් හෙවත් සුපිරි පරිශිලකයා වීම අත්‍යාවශ්‍යයි.
අපිට මේ සඳහා chown හා chgrp යන විධාන 2ක භාවිතා කිරීමට පුළුවනි.

share

Linux සිංහලෙන්®

ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න