Linux Distro හෙවත් ලිනක්ස් බෙදා හැරීම්.

අපි මෙච්චර වෙලා කතා කරපු ලිනක්ස් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝමයක් ඇත. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරයි. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්න.

උබුන්ටු - මනුෂ්යත්වයෙන් හැමෝටම 
ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. (මෙම සිංහල විකි පිටුව යාවත්කාල කර නොමැත. නවතම ස්ථාවර නිකුතුව :  12.04 LTS Precise Pangolin / 26 April 2012; 3 months ago ලෙසද, නවතම අස්ථාවර එකතුව : Quantal Quetzal Alpha 3 / 26 July 2012; 29 days ago ලෙසද, වෙනස් විය යුතු අතර වැඩි විස්තර සඳහා මෙතෙන්ට යන්න.)
ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ ඇත. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.
උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්.

උබුන්ටු ආරම්භක මෙනුව. 
උබුන්ටු සෙවුම.
මේ රූප වලින් පෙන්නලා තියෙන්න එකිනෙකට වෙනස් පරිගණක 3ක තිර රූප බව දන්වා සිටිමි. ඔබට අවශ්ය පරිදි ඔබේ මෙහෙයුම් පද්ධතිය ලස්සන කරගනීමට උබුන්ටු වෙතින් සියළු පහසුකම් සලසා ඇත.
උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැන කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ.

ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්. 
ෆෙඩෝරා මෙනුව

ආරම්භක තිරය


මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.
ලිනස්ක් මින්ට් 
ආරම්භක තිරය
 තව ලස්සන, භාවිතයට පහසු ලිනක්ස් ඩිස්ට්‍රෝ ගොඩාක් තියෙනව.. ලිපිය දිග වැඩිවෙන නිසා ඔක්කොම සඳහන් කරන්න අමාරුයි. සියළුම ඩිස්ට්‍රො මේ ලිපියෙන් බලා ගන්න පුළුවන්. තවත් ආස හිතෙන ඩිස්ට්‍රො කීපයක් ගැන කෙටියෙන් ලියන්නම්. ඒ ලින්ක් ක්ලික් කිරීමෙන් ඔබට ඒවා ලබාගන්නත් පුළුවන්.

  • උබුන්ටු ස්ටූඩියෝ  -  මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
  • පියර් OS  -  මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
  • සොලාරිස්  -  ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
  • ඕපන් සූසේ - තවත් එක් ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්.
මෙසේ සිය ගණනක් වූ ලිනක්ස් ඩිස්ට්‍රො අතරින් ඔබට ගැළපෙන ඕනෑම ඩිස්ට්‍රෝවක් නොමිලේම ලබා ගෙන එන්න ලිනක්ස් ලෝකෙට...... මේ නිදහසේ ජීවත් වීමට හොඳම වෙලාවයි.

7 අදහස්...:

Unknown August 24, 2012 at 6:46 PM  

Ubuntu and Fedora feels o much like MacOS. I wonder why people say its easy to use windows because its not. :)

Dulanja Subodhana August 25, 2012 at 11:37 AM  

@Kasun සම්පූර්ණ ඇත්ත මචං.... ගොඩාක් අය හිතන් ඉන්නේ මේ ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි කියලා. ඒත් පාවිච්චි කරන්න පටන් ගත්තට පස්සේ තේරෙනවා යකා කියන තරම් කළු නෑ කියලා. මේකනේ වැඩේ පොඩි කාලේ ඉදන් අපිට වින්ඩොස් පොවලනේ තියෙන්න. ඉතිං ඒක තරම් ලේසි එකක් නෑ කියලා තමා හිතන්නේ. ඒත් උබුන්ටු ෆෙඩෝරා ලිනක්ස් මින්ට් වගේ ලිනක්ස් ඩිස්ට්‍රෝවක් භාවිතා කරනවා නම් තේරෙයි. මේවා කොච්චර ලේසිද...? වින්ඩොස් වලට වඩා කොච්චර ලස්සනයිද කියලා...

Anonymous August 25, 2012 at 4:22 PM  

http://distrowatch.com/ සයිට් එකේ ගොඩක් ඩිස්ට්‍රො ගැන ගොඩක් විස්තර හොයාගන්ට පුළුවන්

Amila Chathuranga January 31, 2013 at 1:16 PM  

ලිනක්ස් නෙමෙයි ඕනිම මෙහෙයුම් පද්ධතියක් භාවිත කරන කොට ගැටලු එඑන එක සාමාන්‍යයයි...අපි ඒ ගැටලු විසඳගන්න පෝරම් හරහා මේ වගේ බ්ලොග් හරහා උත්සාහ කරන්න ඕනි...

දුෂාන් ලක්මාල් August 3, 2016 at 9:32 PM  

මමත් ගොඩාක් ආසයි linux os එකක් use කරන්න... පුලුවන් කමක් තියනවා නම් මට cd එකක් ලැබෙන්න සලස්වන්න පුලුවන්ද...?

දුෂාන් ලක්මාල් August 3, 2016 at 9:32 PM  

මමත් ගොඩාක් ආසයි linux os එකක් use කරන්න... පුලුවන් කමක් තියනවා නම් මට cd එකක් ලැබෙන්න සලස්වන්න පුලුවන්ද...?

Unknown September 2, 2016 at 9:04 AM  

Visual studio wagee software linux welata thiyedhaa ?

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න