කලින් ලිපියේ කථා කරපු කුමන ආකාරයට හෝ ලබාගත්තු උබුන්ටු CD එකක් හෝ ISO image ෆයිල් එකක් ඔබ ලඟ මේ වෙන කොට තියෙනවා ඇති කියලා හිතාගෙන තමා මෙතනින් පටන් ගන්න යන්නේ.
ඔබ ගාව තියෙන්නේ පෙර ලිපියේ සඳහන් වූ ලින්ක් වලින් ලබා ගත් ISO image ෆයිල් නම් ඔබට උබුන්ටු ස්ථාපනය කරන්න විදි 2ක් තියෙනවා. එකක් තමා ISO image එක කෙලින්ම CD එකක්ට පිටපත් කර සාමාන්ය්ය ක්‍රමයට උබුන්ටු ස්ථාපනය කර ගැනීම (මේවට තමා සජීවි සංගත තැටි හෙවත් Live CD) හා Pen drive එකක් භාවිතා කරමින් උබුන්ටු ස්ථාපනය කිරීම.මේ සඳහා මුලින්ම දැන ගතු යුතු වන්නේ කොහොමද  Pen drive එක Bootable විදිහට සකසා ගන්නේ කියලා.



වින්ඩොස් භාවිතයෙන් Pen Drive එක Bootable විදිහට සකසා ගැනීම.
මේ සඳහා ඔබ මුලින්ම Universal USB Installer මෘදුකාංගය ස්ථාපනය කල යුතුයි. එම මෘදුකාංගය මෙතනින් ලබා ගන්න.
ඊට පස්සේ පිළිවෙලින් පහත තිර සටහන් වලට අනුව ඔබේ Bootable Pen Drive එක සකසා ගන්න.
මෙහිදී ඔබගේ Pen Drive එක, FAT 16, FAT 32 හෝ NTFS ආකාරයට Format කර තිබීම අනිවාර්ය වේ. තවද මේ සඳහා Pen Drive පමණක්ම නොව මතක පත් (Memory Cards like SD, MicroSD ...etc) වුවද භාවිතා කල හැකිය.


  1. ඔබගේ උබුන්ටු සංස්කරණය මෙම මෙනුවෙන් තෝරගන්න. 
    මෙහිදී මම තෝරාගෙන ඇත්තේ නවතම උබුන්ටු සංස්කරණය වන 12.04 ය. ඔබට අවශ්ය පරිදි ඔබ භාගත කරගත් සංස්කරණය තෝරා ගත හැකිය.

  2. ඔබ භාගත කරගත් iso එකේ ලිපිනය ලබා දෙන්න.  

     මෙම Browse යන්න ක්ලික් කිරීමෙන් එය ඔබට පහසුවෙන් සිදුකල හැකිය.
    ඊලඟට මතුවන වින්ඩෝවෙන් ඔබගේ iso ෆයිල් එක තෝරා දෙන්න.
  3. Pen Drive එක bootable එකක් ලෙසට නිර්මාණය කරගන්න. මීලගට ඔබගේ Pen Drive එක තෝරා Create යන්න ක්ලික් කරන්න. ස්වල්ප වේලාවකින් ඔබගේ Pen Drive එක  Bootable ආකාරයට සකස් වෙනවා ඇති. 
තවද මෙම මෘදුකාංගය භාවිතයෙන් උබුන්ටු පමණක් නොව වෙනත් ඕනෑම ලිනක්ස් ඩිස්ට්‍රෝවක් Bootable Pen Drive ලෙසට සකසා ගත හැකිය. වැඩි විස්තර සඳහා එම අඩවියට මෙතනින් පිවිසෙන්න.

ඔබේ පරිගණකයේ Boot order එක වෙනස් කරගන්නා ආකාරය.
මෙසේ USB Drive එකකින් හෝ CD එකකින් පරිගණකය Boot කිරීමට නම් මුලින්ම පරිගණකයේ Boot Order එක වෙනස් කල යුතුය. ඒ සඳහා ඔබේ පරිගණකයේ BIOS වලට ඔබ පිවිසිය යුතුය. බොහෝ පරිගණක ආරම්භ වන විටම F12 බොත්තම හෝ  Delete බොත්තම එබීමෙන් ඔබට BIOS වලට පිවිසිය හැකිය. 
ඉන්පසු පහත රූප වල පරිදි ඔබගේ Boot order එක සකසන මෙනුවට ගොස් පරිගණකය මුලින්ම boot විය යුත්තේ CD එකකින්ද, USB Drive එකකින්ද යන්න තෝරා වෙනස් කම Save කරලා BIOS වලින් ඉවත් වෙන්න. ඉන්පසු ඔබ තේරු පරිදි ඔබේ පරිගණකය CD එක මගින් හෝ USB Drive එක මගින් boot වීමට පටන් ගනී.
Phoenix BIOS වල boot order එක තිබෙන මෙනුව.

AMI BIOS වල boot order එක තිබෙන මෙනුව.
BIOS සකසන එකනම් එච්චර අමාරු වැඩක් නෙවේ. ඒ වුනත් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අපිට කියන්න. අපි උදව් කරන්නම්.

4 අදහස්...:

Sameera September 14, 2012 at 2:39 PM  

Ubuntu 12.4 Installed karana kota athara magadi nawathinawa neda? e mokada?

Sameera September 14, 2012 at 2:40 PM  

Ubuntu 12.4 down load karanna link 1k denna

Sameera September 14, 2012 at 2:51 PM  

Ubuntu 12.4 ISO file 1 size kochcharada? mata 695.292Mb file 1, thawa 2Gb withra ISO file 2k down load kara . me 2n install karanna hoda mokakda?

Anonymous September 18, 2012 at 4:30 PM  

mea link 1ken ganna......


http://www.ubuntu.com/download/desktop

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න