බොහෝ දෙනාට නම් මේ Command prompt එකේ වැඩ කරලා පුරුදු නැතුව ඇති. ඒත් ලිනක්ස් වලින් වැඩ කරන කෙනෙක් නම් එදිනෙදා වැඩ කරගන්න පවා මේ command prompt එක එහෙමත් නැත්තම් ටර්මිනල් (Terminal) එක හොඳට භාවිතා කරලා පුරුදු ඇති. අද අපි ඉගෙන ගන්න යන්නේ Commands හෙවත් විධාන. මූලික විධාන කිහිපයක් ගැන අපි කථා කරමු. කිව්වට විශ්වාස කරන්න මේ ටික හොඳට පුරුදු වුනාම හැම වැඩක්ම ටර්මිනල් එකෙන්ම කරන්න හිතෙයි. ලිනක්ස් විධාන වලින් වැඩ කිරීම ඒ තරම්ම විනෝදජනක ලේසි වැඩක්.
Showing posts with label Sinhala Linux. Show all posts
Showing posts with label Sinhala Linux. Show all posts
ලිනක්ස් විධාන. - ලිනක්ස් පාඩම් මාලාව #3
ලිව්වෙ
Dulanja Subodhana
18 අදහස්... කාණ්ඩ: Basic, commands, Linux, Sinhala Linux, මූලික සංකල්ප
Linux Distro හෙවත් ලිනක්ස් බෙදා හැරීම්.
ලිව්වෙ
Dulanja Subodhana
අපි මෙච්චර වෙලා කතා කරපු ලිනක්ස් අපිට ලබාගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. භාවිතා කරන්නන්ගේ අවශ්යතාවන්ට ගැලපෙන අයුරින් මූලික ලිනක්ස් කර්නලය සංස්කරණය කරමින් තැනූ මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් Linux Distribution බොහෝමයක් ඇත. විවිධ පුද්ගලයන්ගේ අවශ්යතා වෙනස් බැවින් ඒ ඒ අවශ්යතා වලට අනුකූලව ඒ ඒ පුද්ගලයන් හෝ ආයතන මෙම ලිනක්ස් කර්නලය වෙනස් කරමින් භාවිතා කරයි. මෙසේ තැනූ සිය දහසක් මෙහෙයුම් පද්ධති අතරින් ලංකාවේ අපිට ගොඩාක් හුරුපුරුදු මෙහෙයුම් පද්ධති කීපයක් ගැන කෙටියෙන් හඳුන්වා දෙන්නයි යන්නේ. ඔබගේ අවශ්යතාවයන්ට අනුව ඔබට ගැළපෙන ලිනක්ස් ඩිස්ට්‍රොව තෝරගන්න.
උබුන්ටු - මනුෂ්යත්වයෙන් හැමෝටම
ලිනක්ස් ලෝකයේ ජන්ප්‍රියම, වඩාත්ම පරිශීලකයාට භාවිතයට පහසු මෙහෙයුම් පද්ධතිය තමා උබුන්ටු. (මෙම සිංහල විකි පිටුව යාවත්කාල කර නොමැත. නවතම ස්ථාවර නිකුතුව : 12.04 LTS Precise Pangolin / 26 April 2012; 3 months ago ලෙසද, නවතම අස්ථාවර එකතුව : Quantal Quetzal Alpha 3 / 26 July 2012; 29 days ago ලෙසද, වෙනස් විය යුතු අතර වැඩි විස්තර සඳහා මෙතෙන්ට යන්න.)
ඇත්තටම ආධුනිකයෙකුට හොද ආරම්භයක් ගන්න පුළුවන් උබුන්ටුත් එක්ක. ඩෙස්ක්ටොප්, ලැප්ටොප් වගේම සර්වර් පරිගණක සදහාද අදාළ උබුන්ටු සංස්කරණ ඇත. වේගය, ලස්සන (උබුන්ටු වල ලස්සන බලන්න පාවිච්චි කරලම බලන්නකෝ) ඒ වගේම භාවිතයේ පහසුව, උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.
![]() |
| උබුන්ටු ඩෙස්ක්ටොප් එකක්. |
![]() |
| උබුන්ටු ආරම්භක මෙනුව. |
![]() |
| උබුන්ටු සෙවුම. |
උබුන්ටු වල වෙනත් සංස්කරණ කිහිපයක්ද පවතින අතර ඒවා ගැන කෙටියෙන් කියන්නම්.
ලුබුන්ටු යනු බොහෝම අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වූ උබුන්ටු සංස්කරණයයි.
එඩුබුන්ටු යනු අධයාපනික කටයුතු උදෙසා විශේෂයෙන්ම සකසන ලද උබුන්ටු සංස්කරණයයි.
ෂුබුන්ටු යනු තවත් සැහැල්ලු උබුන්ටු මෙහෙයුම් පද්ධතියකි. අඩු ශඛයතාවයක් පවතින පරිගණක සඳහා වඩාත් සුදුසු වේ.
ෆෙඩෝරා මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් ලිනක්ස් මූලික කරගත්ත මෙහෙයුම් පද්ධතියක්. රෙඩ් හැට් වයාපෘතිය නතර කර දැමුවාට පසුව තමා ෆෙඩෝරා පටන් ගන්නේ. මේකත් ආධුනිකයට වුනත් ගැලපෙන පහසුවෙන් වැඩ කරගන්න පුළුවන් ලස්සන O/S එකක්.
![]() |
| ෆෙඩෝරා මෙනුව |
![]() |
| ආරම්භක තිරය |
මේකත් ආධුනිකයෙකුට ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් තවත් එක ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්. මේක උබුන්ටු පාදක කරගෙන තමා බිහිවුනේ, නමුත් භාවිතා කරද්දි තේරෙයි උබුන්ටු සහ මින්ට් අතර පැහැදිලි වෙනස් කම් ඇති බවට.
![]() |
| ලිනස්ක් මින්ට් |
![]() |
| ආරම්භක තිරය |
- උබුන්ටු ස්ටූඩියෝ - මේක වෘත්තීයම ශබ්ද හා රූප මාධයම කටයුතු සඳහා භාවිතා කරයි.
- පියර් OS - මෙය ඇපල් මැකින්ටෝෂ් ආකෘතියට සමීප උබුන්ටු සංවර්ධනය කරමින් නිපදවූ ආකර්ෂණීය මෙහෙයුම් පද්ධතියකි.
- සොලාරිස් - ඔරකල් සමාගමෙන් නිපදවූ තවත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි.
- ඕපන් සූසේ - තවත් එක් ලස්සන ලිනක්ස් ඩිස්ට්‍රොවක්.
7 අදහස්... කාණ්ඩ: Fedora, Linux, Linux Distro, Mint, Operating Systems, Sinhala Linux, Ubuntu












