Linux ඉතිහාසය කෙටියෙන්.


Linux ගැන කතා කරනවා නම් Unix ගැනත් කථා නොකරම බෑ. දශක  හතරකටත් වැඩියෙන් ඉදලා බහු භාවිතාය, බහුකාර්ය යෙදීම්, ස්ථාවරබව, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි සහ බලසම්පන්න ජාලගත කිරීම් සම්බන්ධතාව වැනි මූලික ගුණාංග හේතුවෙන් ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්ධතියක් තමා Unix කියන්නෙ. කථාව පටන් ගන්නේ 1969 ඉදන්, ඒ කාලයේ

AT & T හා Bell පර්යෙෂණාගරායේ පර්යේෂන කරපු ඩෙනිස් රිචේ සහ කෙන් තොම්සන් යන මහත්වරුන් කරපු පර්යේෂනයක ප්‍රතිඵලයක් ලෙස තමා Unix උපදින්නේ.
මේ ඩෙනිස් රිචේ කියන්නේ අපි අදටත් භාවිතා කරන C පරිගණක භාෂාව ලෝකෙට හදුන්වාදීපු පුද්ගලයා. කෙන් තොම්සන් විසින් ලියන ලද කේත ඩෙනිස් රිචේ විසින් නැවත C භාෂාවෙන් ලියලා තමා Unix Kernel එක එහෙමත් නැත්තම් ප්‍රධාන කේත සටහන එළිදැක්වෙන්නේ.
ඒ කාලයේ අද වගේ මෘදුකාංග මුදලට විකිනීමක් නොතිබුන බැවින් මෙම Unix Kernel එක අධ්යන කටයුතු සදහා විශ්වවිද්යාල අතර හුවමාරු කරගනිමින් Unix දිගින් දිගටම සංවර්ධනය වුනා.
1991 දි ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්යාලයේ දෙවන වසර සිසුවකු වූ ලිනස් ටොර්වල්ඩ්ස් Unix කර්නලය නැවත වෙනස් කර ලියමින් Linux නම් වූ අපූර්ව මෙහෙයුම් පද්ධතිය ලෝකෙට බිහි කරා.
Linux කියන එකේ තේරුම Linux යනු Unix නෙව් යන බවය. Linux Is Not UniX.
මෙලෙස යුනික්ස් වල ඉදන් ලිනක්ස් දක්වා විකාශනය මෙම රූපයෙන් සරලව පෙන්නන්න පුළුවන්.


අදටත් අපි භාවිතා කරන ලිනක්ස් මෙහෙයුම් පද්ධති වල මුල් යුනික්ස් විධාන තිබීමෙන් පෙනීයන්නේ ලින්ක්ස් සහ යුනික්ස් වල තිබෙන අපූර්ව බැඳිමයි.(ls, cp, mv, rm...etc)
1991 ඉදන් මේ දක්වාම සුපිරි පරිගණක වල සිට අප භාවිතා කරන පුද්ගලික පරිගණක දක්වා ලිනක්ස් තම බලසම්පන්න බව පෙන්වා ඇත.

4 අදහස්...:

MaRLaN August 23, 2012 at 9:29 PM  

Elaya... Thawa liyamu lesatama thawa danaganna kmathii linux gana

Dulanja Subodhana August 23, 2012 at 10:34 PM  

@MaRLan බොහොම ස්තූති. දිගටම ලියන්න නම් තමා හිතන් ඉන්නේ. බලමුකෝ නේද...? එහෙනම් ලිනක්ස් ලොකේ පියාඹන්න අපිත් එක්ක එකතු වෙන්න.

Unknown March 9, 2013 at 10:19 AM  

hey, niyamai bro. this is getting interested. kiyawanna thawa asa hithenwa :) digatama liyanna

Unknown January 8, 2020 at 6:32 AM  

නියමයි.පැහැදිලි කිරිම super 👌👌

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න