ලිනක්ස් ඩිස්ට්‍රෝවක් ලබා ගන්නා ආකාරය.


උබුන්ටු ලබා ගන්නා ආකාරය.
මෙච්චර දවසක් කථා කරපු ලිනක්ස් ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න හැටි ගැන තමා අද කථා කරන්නේ. මේ සඳහා මම උබුන්ටු ලිනක්ස් ඩිස්ට්‍රෝව තෝරගත්තේ ආධුනිකයෙකුට බොහෝම ලේසියෙන් උබුන්ටු පාවිච්චි කරන්න පුළුවන් නිසයි.
උබුන්ටු ඔබේ පරිගණකයට ස්ථාපනය කරගන්න පුළුවන් ආකාර කිහිපයක්ම තියෙනවා. ඊට කලින් ඔබ ඔබට ගැලපෙන උබුන්ටු සංස්කරණය තෝර ගෙන එය ලබා ගත යුතුයි.


උබුන්ටු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහාද, සර්වර් පරිගණක සඳහාද ලබාගත හැකිය. ඔබ භාවිතා කරන්නේ ඉන්ටෙල් සමාගමේ සකසනයක් නම් හා ඔබට අවශ්ය්ය වන්නේ 32 බිට් සංස්කරණයක් නම් මෙතනින් අදාල උබුන්ටු සංස්කරණය ලබා ගන්න. මෙය ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක සඳහා වන නවතම ස්ථායි බිටු 32 උබුන්ටු සංස්කරණයයි. ඔබේ පරිගණකය බිටු 64 සඳහා සහයෝගය දක්වන එකක් නම් මෙතනට පිවිස පහත රූපයේ පරිදි 64 බිට් ලෙස තෝරාගැනීම සඳහන් කොට උබුන්ටු 64 - bit සංස්කරණය ලබා ගන්න.

ටොරන්ට් මඟින් මෙම උබුන්ටු සංස්කරණ ලබා ගැනීමට පහත අදාල සංස්කරණය මත ක්ලික් කරන්න.


ඔබට සර්වර් සංස්කරණයක් හෝ ක්ලවුඩ් සංස්කරණයක් අවශ්ය නම් මෙතනට පිවිස ඔබට අවශ්ය එක තෝරා ගන්න.
ලිනක්ස් ඩිස්ට්‍රෝ ලිපියේ සඳහන් වූ ඕනෑම ලිනක්ස් ඩිස්ට්‍රෝවක් එම ලිපියේ ඇති ලින්ක්  මඟින් ලබා ගත හැක.

මෙසේ කුමන විදිහකට හරි උබුන්ටු මෙහෙයුම් පද්ධතියක් ඔබට ලබා ගැනීමට අපහසු නම් ඔබගේ පරිගණකයේ සකසනය Intel ද, නැත්තම් AMD යන්නද, බිටු 32 ද, නැත්නම් බිටු 64 ද යන වග සඳහන් කරමින්, udsubodhana@gmail.com විද්යුත් ලිපිනයට ඔබගේ ලිපිනයද සඳහන් කරමින් ලිපියක් එවන්න. පුළුවන් පුළුවන් ආකාරයට ඔබට අවශ්ය උබුන්ටු හෝ වෙනත් ලිනක්ස් ඩිස්ට්‍රෝවක සජීවී සංගත තැටියක් ලබාදෙන්න උත්සහ කරන්නම්. ඔබගේ විද්යුත් ලිපිනය හෝ සම්බන්ධ කරගැනීමට පුළුවන් ආකාරයක් (ෆේස් බුක් හෝ ට්විට්ර්‍ වැනි... හෝ දුරකථන අංකයක් හෝ)සඳහන් කරනවා නම් වඩාත් හොදයි.

4 අදහස්...:

Himesh August 28, 2012 at 9:53 PM  

Live CD 1 න් දැනට තියෙන 1ට කිසිම වෙනසක් කරන් නැතිව ubuntu වලින් machine 1 CD එකෙන් start කරලා බලන්න පුලුවන් කියන 1 ත් මෙතෙනට එන්න ඔනෙ
ගොඩක් හොද ලිපියක්

Achila Iranga October 18, 2012 at 9:25 PM  

machan mage lap eka hp g6 ekak.... core i5. 4gb ram... windows 64bit eka thamai daala tiyenne..mama dwnld karanna one 32 bit ekada 64 bit ekada???

Anonymous October 20, 2012 at 12:42 AM  

@Achira Iranga
එහෙම අවුලක් නෑ. ඔය බිට් කථාවේ තේරුම දන්නවනේ. 64 බිට් වලින් වැඩ කරද්දි 32 බිට් වලට වඩා රැම් එක එහෙම ඕනේ වෙනවා. ඔයා කොහොමත් වින්ඩෝස් වලදිත් 64 බිට් වැඩ කරන නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. කැමති වර්ශන් එකක් බාගන්න. 64 බිට් වලින්ම යනවා නම් හොඳයි.... ඒත් 32 බිට් කියලත් එච්චරම ලොකු අවුලක් නෑ. අදහස් දැක්වූවාට බොහෝමත් ස්තූතියි. ජය වේවා....!

Unknown September 2, 2016 at 9:37 AM  

C# programms linux ekka wada keranawa dhaa ?

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න