පෞද්ගලික වැඩ වගයක් නිසා ලිපිය හිතපු තරම් ඉක්මනට දාන්න බැරි වුන එකට මුලින්ම සමාව ඉල්ලා සිටිමී.
හොඳයි අපි පහුගිය ලිපියෙන් ලිනක්ස් පද්ධතියක නිර්මිතය ගැන කථා කරානේ. අද අපි බලමු ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතිය (Filesystem Hierarchy)ගැන.
ඔබ වින්ඩෝස් භාවිතා කරන්නෙක් නම් මේ පිළිබඳ ඔබට කිසිම අදහසක් නැතුව ඇති. නමුත් ලිනක්ස් වලින් වැඩ කරගෙන යාමට මේ පිළිබඳ දැනගැනීම ඔබට බොහෝම ප්‍රයෝජනවත් වේවි.
ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මාණය පහත රූපයේ පරිදි සරළව ඉදිරිපත් කළ හැකිය.
|  | 
| ලිනක්ස් ගොනු නිර්මිතය | 
රූපයේ පරිදි ලිනක්ස් වල ගොනු නිර්මිතිය ප්‍රධාන ගොනුවක් ආශ්රයෙන් පවති. දැන් මෙම ගොනු පිළිබඳ විස්තර පිළිවෙලින් කථා කරමු.
- /
 root යනුවෙන් හැදින්වෙන මෙම ගොනුව ලිනක්ස් පද්ධතියක ප්‍රධාන ගොනුව වේ. අපිට ලිනක්ස් වල වැඩ සිදු කරගැනීමට අදාළ වන සියලු ගොනු මෙය යටතේ පවතී.
- /bin
 අත්‍යාවශ්‍යය පද්ධති උපයෝගිතා.(Essential low-level system utilities) එනම් ලිනක්ස් පද්ධතියක වැඩ කිරීමට අවශ්‍යය මූලිකම විධාන (ls, cat, cp ....)වැනි දේවල් අඩංගු වන්නේ මෙම ගොනුවේය.
- /sbin
 සුපිරි පරිශීලකයා හෙවත් සුපර් යූසර් භාවිතා කරන විධාන අඩංගු වෙන්නේ මෙහිය. මෙමඟින් පද්ධති නඩත්තු කටයුතු මෙන්ම පද්ධතිය පවත්වාගෙන යාමට අදාල වූ විධාන (mount, init, ip ...)පාලනය කළ හැකිය.
- /home
 පරිශීලකයන්ගේ පුද්ගලික ගොනු සහ දත්ත පවතින්නේ මෙම ගොනුවේය. පරිශීලකයන් කිහිප දෙනක් පද්ධතිය භාවිතා කරන විට ඒ ඒ පරිශීලකයාට වෙන් වූ පුද්ගලික ෆෝල්ඩරයක් ඇති අතර ඒ සියල්ලම පවතින්නේ මෙම home ෆෝල්ඩරයේය. රූපයේ  දක්වා ඇත්තේ subo, dula සහ others යන පරිශීලකයන්ට අදාළ වූ ගොනුවේ. මෙය බොහෝ වේලාවට වින්ඩෝස් පද්ධතියක My Computer ට සමාන කළ හැකිය.
- /tmp
 තාවකාලික ෆයිල් ගබඩා කිරීමට වෙන්වූ ඉඩ මෙම ගොනුවේ තිබේ. උදාහරණ ලෙස යම් කිසි මෘදුකාංගයක් භාවිතා කිරීමේදි එය පාවිච්චි කිරීමට අවශ්‍යය වන අනෙකුත් ෆයිල්ස් තාවකාලිකව මෙම ගොනුවේ තැන්පත් වීම සිදුවේ.අන්තර්ජාලයේ වීඩියෝවක් නැරඹීමේදී භාගත වූ දත්ත වැනි තාවකාලික දත්ත මේ සඳහා උදාහරණ වේ.  මෙම ගොනුව ඕනෑම පරිශීලකයෙකුට භාවිතා කිරීමට හැකිය.මෙවැනිම ෆෝල්ඩරයක් වින්ඩෝස් වලද දැකිය හැක.
- /lib
 bin හා sbin තුල අඩංගු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය උපදෙස් අඩංගු කර ඇත්තේ මෙම ගොනුවේය. තවද පද්ධතියේ භාවිතා කරන වැඩසටහන් වලට අදාල වූ උපදෙස් අඩංගු වන්නේද මෙහිය.
- /usr
 පරිශීලකයන්ගේ කියවීමට පමණක් භාවිතා කරන දත්ත අඩංගු වන්නේ මෙහිය. පරිශිලක උපයෝගිතා සහ යෙදීම් වලින් බහුතරයක් ඇත්තේ මෙහිය.
- /usr/bin
 Higher-level system utilities and application programs
 එනම් පරිශීලකයා නිරතුරුව භාවිතා කරන පරිශීලකයාට වඩාත් සමීප පද්ධති වැඩසටහන් සහ මෘදුකාංග අඩංගු වන්නේ මෙහිය.
- /usr/lib
 Program libraries for higher-level user programs
 ඉහත /usr/bin යටතේ සාකච්ඡා කරන ලද වැඩසටහන් සඳහා උපදෙස් අඩංගු වන්නේ මෙහිය.
- /var
 විචල්ය්ය ෆයිල් එනම් යම් කිසි ක්‍රියාවක් සිදුවන විට ඊට සමගාමීව වෙනස් වන ෆයිල්, උදාහරණ ලෙස log ෆයිල්, ස්පූල් ෆයිල් සහ තාවකාලික ඊමේල් ලිපි ෆයිල් වැනි ෆයිල් අඩංගු වන්නේ මෙම ගොනුවේය.
 මෙය ලිනක්ස් පද්ධතියක ගොනු නිර්මිතය ඉදිරිපත් කල හැකි සරලම ආකරය වන අතර, සමහර කරුණු ඔබට මේ මොහොතේ 100% ක් නිවරැදිව වැටහෙන්නේ නැතිවෙයි. ඔබ දිගටම ලිනක්ස් භාවිතා කිරීමේදි ඔබට අද තේරුනේ නැති ගොඩාක් කරුණු යම් දවසක ඔබටම තේරේවී.
මෙම රූප සටහනට ඇතුලත් කර නැති තවත් ප්‍රයෝජනවත් ගොනු කිහිපයක් පිළිබඳ සටහනක් තබන්නම්.
- /etc
 Unix-Linux පද්ධති වින්‍යාස සහ තොරතුරු ෆයිල්ස්. UNIX system configuration and information files.
- /dev
 දෘඩාංග පිළිබඳ තොරතුරු.
- /boot
 Boot loader ෆයිල්ස් එනම් කර්නලය වැනි පරිගණකය බූට් වීමේදි භාවිතා කරන ගොනු.
- /proc
 පද්ධතිය භාවිතා කිරීමේදී කර්නලය සමඟ අතුරුමුහුනතක් සේ කටයුතු කරන වර්චුවල් හෙවත් සත්‍යාසන්න ගොනු නිර්මිතය අඩංගු වන්නේ මෙහිය. සෑම සක්‍රීය වැඩසටහනක් හෝ සැකසීමක් වෙනුවෙන් උප ගොනුවක් මෙම ගොනුව තුල නිර්මාණය වේ.  A pseudo-file system which is used as an interface to the kernel.
- /opt
 අතිරේක මෘදුකාංග හා වැඩසටහන් පැකේජ.
- /media
 අපි මවුන්ට් කරන NTFS හාඩ් ඩිස්ක් හෝ CD-ROM වැනි දෘඩාංග මවුන්ට් වන්නේ මෙතනටය.
- /mnt
 තාවකාලිකව මවුන්ට් කරන ෆයිල්ස් මවුන්ට් වන්නේ මෙතනටය.
- /etc/x11
 අපි /etc යටතේ සාකච්ඡා කල ලිනක්ස් පද්ධතියේ ග්‍රැෆික් පිළිබඳ වින්‍යාස අඩංගු වන්නේ මෙහිය. එනම් අපේ වින්ඩෝ මැනේජරය ආදී වූ දත්ත.
 මෙම සාකච්ඡා කල ගොනුවලට ඔබටද පිවිසිය හැකිය. මේ සඳහා cd හා ls විධාන භාවිතා කල හැකිය.මගේ පරිගණකයේ එය සිදු කල ආකාරය පහත රූප සටහන් වලින් දක්වා ඇත.
|  | 
| /bin | 
|  | 
| /home | 
|  | 
| / | 
|  | 
| /sbin | 
|  | 
| /tmp |  | 
|  | 
| /usr/bin | 
 මේ ආකරයෙන් ඔබටත් ඔබේ ලිනක්ස් පද්ධතියේ ගොනු නිර්මිතය පරික්ෂා කල හැකිය. මෙම ගොනු තුල අඩංගු දේවල් අපිට අවශ්‍යය පරිදි වෙනස් කර භාවිතයට ගන්නා ආකාරය ගැන අපි පසුව කථා කරමු.
 
5 අදහස්...:
ඉතාමත් සරලව පැහැදිලි කරලා තියේ .මුලඉදලා ඉගෙන ගන්න ලොතු උදව්වක් වෙනවා ෂුවර්...නියමයි ජයවේවා!
ඉතාමත් සරලව පැහැදිලි කරලා තියේ .මුලඉදලා ඉගෙන ගන්න ලොතු උදව්වක් වෙනවා ෂුවර්...නියමයි ජයවේවා!
ubuntu වලින් සමහර වෙලාවට වැඩ කරද්දි දැනගන්න ඕන වෙලා තිබ්බ දේවල් ටිකක් දැනගත්තා මේකෙන්.. එල දිගටම ලියමු :)
එල තමයි!
අපි වගේ අදුනිකයන්ට ගොඩක් වටිනවා. අය්යේ දිගටම ලියන්න... මම හොයා හොයා හිටපු ගොඩක් දේවල් මට අද දන ගන්න ලැබුන..... බොහොම ස්තුති...
Post a Comment