දැන් ඔබ ලග උබුන්ටු සහිත සජීවී සංගත තැටියක් (Live CD) හෝ ඒ හා සමාන Bootable USB Drive එකක් තියෙනවානේ. හරි එහෙනම් අපි පටන් ගමු. ඔබ ලග ඉහත සඳහන් උබුන්ටු ස්ථාපකයක් නැත්නම් පෙර ලිපි තුලින් නැවත අරඹන්න.
ස්ථාපනය කරන්න කලින් පොඩ්ඩක් අත්හදා බලන්න.
උබුන්ටු වල තියෙන තවත් ලස්සන පහසුකමක් තමා උබුන්ටු පරිගණකයට ස්ථාපනය නොකොට අත්හදා බැලීමට පුලුවන් වීම. ඒ ගැන මෙතනදී පොඩ්ඩක් කථා කරන්නම්. එම පහසුකම ගැන සම්පූර්ණ ලිපියක් බලාපොරත්තු වන්න.
දැන් පෙර ලිපියේ සඳහන් වූ පරිදි boot order එක වෙනස් කරාට පස්සේ ඔබ තෝරා ගත් පරිදි උබුන්ටු CD එකින් හෝ Pen Drive එකින් බූට් වීමට පටන් ගනී. මුලින්ම ඔබට ලැබෙන්නේ මෙම තිරයයි.
උබුන්ටු ස්ථාපනය කරන ආකාරය.
හරි... මූලිකවම උබුන්ටු ඔබේ පරිගණකයට ස්ථාපනය කල හැකි ආකාර 4ක් තිබෙනවා. ඒවා නම්.
- වර්චුවල් මැෂින් භාවිතා කිරීම.
- වින්ඩෝස් තුල උබුන්ටු ස්ථාපනය කිරීම.
- වින්ඩෝස් ඉවත් නොකොට වෙනම උබුන්ටු ස්ථාපනය කිරීම.
- සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් ස්ථාපනය කිරීම.
මුලින්ම ඔබ වින්ඩෝස් වලින් පරිගණකය ආරම්භ කර ඉන්පසු ඔබගේ උබුන්ටු CD එක හෝ USB Drive එක පරිගණකයට සම්බන්ධ කරන්න. එවිට පහත තිරය ඔබට දිස්වේ. එයින් "Install inside Windows"යන්න ක්ලික් කරන්න.
එවිට ඇතම්විට ඔබගේ වින්ඩෝස් ආරක්ෂණ සේවාව මඟින් පහත පරිදි අවසර ඉල්ලා සිටී. "Continue" යන්න තෝරා ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යන්න.
ඉන්පසු ඔබට පහත පරිදි Ubuntu Installer නම් වූ වින්ඩෝව ලැබේ.
- Installation drive:
මෙය ඔබ උබුන්ටු ඉන්ස්ටෝල් කිරීමට බලාපොරත්තු වන පාටිෂන් එකයි.
මේ සඳහා ඔබට C: පාටිෂන් එක වගේම ඉඩ ඇති වෙනත් ඕනෑම පාටිෂන් එකක් භාවිතා කල හැකිය.
- Installation size:
මෙය උබුන්ටු සඳහා ඔබ වෙන් කරන ඉඩ ප්‍රමානයයි. මේ සඳහා අවම වශයෙන් 1GB වත් ලබා දෙන්න. නමුත් ඔබ උබුන්ටු හොදට පාවිච්චි කිරීමට බලාපොරත්තු වෙනවා නම් අඩුම 5GB වත් දෙන්න. ඔබේ දෘඩ තැටියේ ඉඩ තියෙනවා නම් මීටත් වැඩියෙන් උබුන්ටු සඳහා ඉඩ දුන්නා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නෑ. - Desktop environment:
මෙය ඔබට දැන්මම නියමාකාරව වැටහෙන එකක් නැති වෙයි. උබුන්ටු පරිශීලක පරිසරයන් කිහිපයක්ම දැනට භාවිතා වෙනවා. Gnome, Unity, fvwm, KDE කියන්නේ ඒවගේ ඒවා තමා. මෙහිදී "Ubuntu" කියලා සඳහන් වෙන්නෙ නවතම උබුන්ටු සංස්කරණයේ භාවිතා වන Unity පරිසරයයි. ඒක කොච්චර ලස්සන, භාවිතයට පහසු එකක් ද කියලා භාවිතා කරද්දි තේරෙයි. මෙම සැකසුම වෙනස් කරන්න ඕනේ නෑ ඒ නිසා. - Language:
මෙය භාවිතා කරන භාෂාවයි. උබුන්ටු දැනට විවිධ භාෂා 55 කින් පමණ ලබාගත හැකිය. මෙතනදී සිංහල භාෂාව තෝරා ගත හැකි නමුත් භාවිතා කරද්දි වඩා පහසු English භාෂාව කියලයි මට හිතෙන්නේ. මෙය ඔබට කැමති විදිහට තීරණය කරන්න. - Username:
ඔබට කැමති නමක් ලබා දෙන්න. මෙය ඉදිරියට ඔබේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරන නම බවට පත් වන අතර පසුව ඔබට එය වෙනස් කල හැකිය. - Password:
ඉතා වැදගත්. මෙම රහස් වචනය ඉදිරියට ඔබ සිදු කරන බොහෝමයක් විධාන සඳහා අවශය්ය වන බැවින් පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් රහස් වචනයක් භාවිතා කරන්න. ඉන්පසු දෙවන කොටුවෙත් නැවත එම රහස් වචනයම සඳහන් කරන්න.
ස්ථාපනය සාර්ථකව නිමවූ පසු පහත රූපයේ පරිදි පරිගණකය reboot(restart) කරන්න.
Click Finish |
මින්පසු ඔබේ පරිගණකය පණ ගන්වන සෑම විට්කම ඔබට භාවිතා කරන මෙහෙයුම් පද්ධතිය තෝර ගැනීමට සිදු වෙන අතර ඔබට වින්ඩෝස් භාවිතා කිරීමට අවශ්යය නම් මෙම මෙනුව දිස්වූ විගස "Enter" යතුර තද කරන්න. නැතත් ඔබ තත්පර 30ක් ඇතුලත තෝරගැනීම සිදු නොකළහොත් ඔබේ පරිගණකය පෙර පරිදි ඉබෙම වින්ඩෝස් මගින් boot වීමට පටන් ගනි.
මෙලෙස වින්ඩෝස් තුලම උබුන්ටු ස්ථාපනය නොකොට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තිබෙද්දිම උබුන්ටු ස්ථාපනය කරන ආකාරය ගැන මීලග ලිපියෙන් කථා කරමු.
6 අදහස්...:
Install inside පාටිශන් එක තෝරපුවාම අපිට අයෙත් ubuntu වල ඉඳන් ඒ පාටිශන් එකේ වැඩ කරන්න බෑ නේද...?(ඒ පාටිශන් එක පෙන්නන්නේ නෑ නේද...?)
ස්තූති ඔබේ අදහස් දැක්වීමට. අපි වින්ඩෝස් ඇතුලේ උබුන්ටු ඉන්ස්ටෝල් කරන පාටිෂන් එක උබුන්ටු වල Home Screen එකේ වත් File Browser එකේදි වත් පෙන්නන්නේ නෑ තමා. ඒත් අපිට ඒ පාටිෂන් එක බලාගන්න පුලුවන්. root එකේ host කියලා ෆොල්ඩර් එකක් ඇති /host එතනින් අපි වින්ඩෝස් වල උබුන්ටු ඉන්ස්ටෝල් කරලා තියෙන පාටිෂන් එකේ ෆයිල් බලාගන්න පුලුවන්. ඔබ උබුන්ටු ගැන තරමක් දන්න කියන කෙනෙක් නම් මේ පාටිෂන් එක ඔබේ Home Screen හෝ File Browser එකේ පෙන්නන විදිහට Mount කරගන්නත් පුලුවන්.
windows ethule ubuntu danna bootable pen drive ekak oneda? Kelinma download karana eka double click karala gihin windows ehulata ubuntu danna berida?
ඕනෙම නම් නෑ. ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත උබුන්ටු CD Image එක Alcohol 120% හරි Damien Tools වැනි මෘදුකාංගයක් භාවිතා කරලා උබුන්ටු CD image එක mount කරලා ඉන්ස්ටෝල් කරන්නත් පුලුවන්. එහෙම නැතුව ඩවුන්ලෝඩ් කරගත්තු එක ඩබල් ක්ලික් කරලා නම් උබුන්ටු ඉන්ස්ටෝල් කරන්න බෑ. නමුත් ඔයාට ඕනේ නම් මේ http://www.ubuntu.com/download/desktop/thank-you?distro=wubi&release=&bits= ලින්ක් එකට ගිහින් උබුන්ටු වින්ඩෝස් Installer .exe එක භාගන්න පුලුවන් ඒක ඩබල් ක්ලික් කරලා සාමානය්ය විදිහට උබුන්ටු ඉන්ස්ටෝල් කරගන්නත් පුලුවන්.
Just for readers information: Wubi installer has a slight performance issue when it come to disk access, but it is a good starting point when you want to try Ubuntu. Other than that there are no much issues have been reported.
Keep up the good work!
සම්පූර්ණයෙන්ම උබුන්ටු පමණක් ස්ථාපනය කිරීම gana lipiyak liyannako bro.thanks
Post a Comment