Shell Scripting #2.1 - විචල්‍යය - Variables.

පසුගිය ලිපිය තුලින් shell scripting ගැන මූලික අදහසක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. ඇත්තටම බැලුවම මේ shell scripting කියන්නෙත් programming කරනවා වගේ වැඩක් තමා. අපි දන්නවා programming වලදි අපිට variables එහෙමත් නැත්තම් විචල්‍යය භාවිතා කිරීමට සිදු වෙනවා. අපි අද කථා කරන්න යන්නේ shell scripting වලදි විචල්‍යය භාවිතා කරන්නේ කොහොමද කියලා.
මුලිකවම shell scripting වලදි භාවිතා කරන විචල්‍යය වර්ග 2ක් තියෙනවා.

  1. System Variables (SV) - මේවා ලිනක්ස් පද්ධතිය මඟින් නිර්මාණය කර, ලිනක්ස් පද්ධතිය තුලම භාවිතා වෙන විචල්‍යය වර්ගයයි. මේවා Upper-case letters මඟින් නම් කර තිබෙනවා. පහත දක්වා ඇත්තේ බහුලව භාවිතා කරන කිහිපයක්.

  2. විචල්‍යය අර්ථය
    BASH
    භාවිතා කරන shell එකේ නම.
    BASH_VERSION භාවිතා කරන shell එකේ version එක.
    COLUMNS Screen එකේ පෙන්නන column ගණන.
    HOME පද්ධතියේ Home ඩිරෙක්ටරයේ path එක.
    LINES Screen එකේ පෙන්නන line ගණන.
    LOGNAME පද්ධතියේ logging name එක.
    OSTYPE පද්ධතියේ os type එක.
    PATH
    පද්ධතියේ path සැකසුම.
    PS1 පද්ධතියේ prompt සැකසුම.
    PWD
    දැනට වැඩ කරන ඩිරෙක්ටරයේ path එක.
    SHELL භාවිතා කරන shell එකේ නම.
    USERNAME
    දැන් පද්ධතියට log වී සිටින පරිශීලකයාගේ නම.

    මේ විචල්‍යය වල තිබෙන අගයන් දැන ගැනීමට අවශ්‍යය නම් ඔබට තිබෙන්නේ සරළවම echo විධානය භාවිතා කිරීම පමණී. උදාහරණයක් ලෙස ඔබට මේ වන විට පද්ධතියට log වී සිටින පරිශීලකයා දැන ගැනීමට අවශ්‍යය නම්,
    $echo $USERNAME
    යනුවෙන් විධාන කර බලන්න. ඒ වගේ ඉහත සඳහන් කරලා තියෙන සියළු විධාන echo  විධානය යටතේ ක්‍රියාත්මක කරලා බලන්න.
    $echo $HOME
    $echo $SHELL
    $echo $PATH

    අපිට මේ system variables  පවා වෙනස් කිරීමේ හැකියාව ලිනක්ස් පද්ධතියක් මඟින් ලබා දෙනවා. නමුත් SV වෙනස් කිරීම පිළිබඳව ඔබට අත්දැකීමක් නොමැති නම් ඉන් වළකින එක වඩා හොඳයි. මොකද SV වෙනස් වීම තුලින් පද්ධතිය අකර්මන්‍යය විය හැකියි.

  3. User Defined Variables (UDV) - පරිශීලක විසින් අර්ථ දක්වන විචල්‍යය. එනම් භාවිතා කරන්නාගේ ප්‍රයෝජනය සඳහා අර්ථ දක්වනු ලබන විචල්‍යය. Shell scripting වලදි බහුලවම භාවිතා කරන විචල්‍යය වර්ගය තමා මේ UDV.
    උදාහරණයක් විදිහට අපි හිතමු අපිට අගය 2ක් වන number කියලා විචල්‍යයක් define කරගන්න අවශ්‍යයි කියලා. එවිට කරන්න තියෙන්නෙ ඉතාමත් සරළව,
    number=2
    කියලා UDV එකක් define කරන එක විතරයි.


කෙසේ වෙතත් මෙසේ මෙම විච්ල්‍යය භාවිතා කිරීමේදි දැනගත යුතු නීති රීති කිහිපයක් තියෙනවා. ඒවා පිළිබඳවත්, මෙම විචල්‍යය අපගේ shell scripting වලට යොදාගන්නා ආකාරය පිළිබඳවත් අපි මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.


0 අදහස්...:

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න