Linux සිංහලෙන් Shell Scripting #2.3 - විචල්‍යය භාවිතය.

මුලින්ම අවුරුද්දකට අධික කාලයක් ලිපියක් පළ නොකරාට පාඨක ඔබ සැමගෙන් සමාව ඉල්ල සිටිනවා. විශ්ව විද්‍යාලීය අධ්‍යාපනික සහ ක්‍රීඩා කටයුතු සමඟ කාර්‍යබහුල වුන බැවින් මෙතරම් කාලයක් බ්ලොග් එකේ වැඩ කටයුතු අඩාල වුන එකට නැවතත් සමාව ඉල්ලා සිටිනවා. මේ කාලයේදී නැවත ලිපි ලියන්න කියා දිරිමත් කල සියලු දෙනාට බොහෝමත් ස්තූතියි.
හොදයි අපි එහෙනම් නවත්තපු තැනින්ම පටන් ගමු.  ඔබට මතක ඇති අපි සාකච්ඡා කරමින් සිටියේ ගැන. Shell Scripting වලදි variables define එහෙමත් නැත්තම් විච්‍යය අර්ථ දැක්වීම තමා අපි අවසානයට කථා කරමින් සිටියේ. අද අපි කථා කරන්න යන්නේ මෙම අපි විසින් define කරන ලද variables කොහොමද භාවිතා කරන්නේ කියලා.

පෙර ලිපියේදි අපි සාකච්ඡා කරා කොහොමද variable එකක් define කරන්නේ කියලා.  Shell scripting වලදි variable define කරන්නේ $ var='linux-sinhala' ආකාරයට, මෙම variable එකේ value එක අපිට මෙම shell එකේදි අවශ්‍යය වෙලාවට භාවිතා කරන්න පුලුවන්. සරලම උදාහරණය තමා echo command එකේ භාවිතය.

$ name='linux-sinhala'
$ echo $name
සටහන: echo command එක භාවිතයෙන් variables සමඟ ගනුදෙනු කරන විට $ සංකේතය අනිවාර්‍යෙන් භාවිතා කරන්න. එය නැතුව විධාන කරොත් variable එකේ value එක වෙනුවට variable එකේ නම තමා වෙන්නේ.

Shell Scripting වලදි ගණිත කර්ම (Shell Arithmatics) යොදාගන්නා ආකාරයත් සාකච්ඡා කරලම අපි shell scripts ලියන්න පටන් ගමු. බොහෝම ඉක්මනට වලදි ගණිත කර්ම භාවිතා කිරීමේදී යොදාගන්නා නීතී රීති පිළිබඳ ලිපියකින් හමුවෙමු.

0 අදහස්...:

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න