විචල්‍යය අර්ථදැක්වීමේදි පිළිපැදිය යුතු නීතී සහ රීතී.

  1. විචල්‍යය නමක අක්ෂර, ඉලක්කම් සහ සංකේත යන මේ 3න් වර්ගයම අඩංගු විය හැකි නමුත් එම විචල්‍යය නම ආරම්භ කල යුත්තේ අක්ෂරයකින් හෝ _ සංකේතයකින් පමණි.
    උදාහරණ ලෙස පහත තිබෙන්නේ වලංගු විචල්‍යය නම් කිහිපයකි.
    HOME
    var1
    var_2
    _num
  2. විචල්‍යය නමකට space හෝ *, ? සංකේත භාවිත කල නොහැක. එම නිසා විචල්‍යය නම් කිරීමේදී ඒවා භාවිතා කිරීමෙන් වැළකෙන්න.
  3. සමාන ලකුණෙන් එක පැත්තකට හෝ දෙපැත්තටම space යෙදීමෙන් වළකින්න.
    $ no =10
    $ no= 10
    $ no = 10
    ඉහත දක්වා ඇති සියළුම විචල්‍යය නම් කිරීම් වලංගු නොවන අතර නිවැරදි නම් කිරීම වනුයේ,
    $ no=10
  4. විචල්‍යය case-sensitive වේ. පහත දක්වා ඇති විචල්‍යය එකිනෙකට වෙනස් වේ.
    $ no=10
    $ No=11
    $ NO=20
    $ nO=2
  5. විචල්‍යයක අගය NULL වන ආකාරයට කරගැනීමට අවශ්‍යය නම් ඒ සඳහා පහත සඳහන් ක්‍රමය භාවිතා කල හැකිය.
    $ var=
    $ var=""


විචල්‍යය අර්ථදක්වන ආකාරය පිළිබඳව මූලික අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. මීළඟට අපි බලමු කොහොමද අපි මේ විචල්‍යය අපගේ shell scripting වලට යොදාගන්නේ කියලා.

7 අදහස්...:

www.ElaReMiX.com August 18, 2013 at 2:22 AM  

ගොඩාක් වැදගත් ලිපියක්..ස්තූතියි ඔයාට.

Unknown August 18, 2013 at 10:42 AM  

niyamai mata linux gena asawak mulinma athi wune me blog eka nisa.ekata obata sthuthiya

Anonymous August 18, 2013 at 6:20 PM  

@Ela Remix ( එළ රීමික්ස් )
@Yasiru Udana
අදහස් දැක්වූවාට බොහෝමත්ම ස්තූතියි.
ජය වේවා....!

Unknown August 21, 2013 at 7:34 AM  

digatama liayanna....apita shell script wlin linux apita one widiyata wenas krana pluwanda?

Shuja Rafi January 1, 2014 at 5:37 AM  

Bohoma sthuthiyi Thamun nansege blog eka nohitinna ape mallita linux ugannanna wenne mata loku anayakin beruna bohoma thanax matath Linux driver development gana post ekak liyanna hithenawa koheda eth ban welawa

Kalpa January 31, 2014 at 6:14 PM  

@Shuja Rafi දන්නවා කියලා පෙන්නන ගොඩක් අය දන්නේ සුළු දෙයයි.. අන්න එක මට තමුන් නාන්සේට කියන්න ඕන... පොස්ට් එක ලියන්න නම් ඕන තරම් වෙලාව තියෙන්නේ බොරු නේ කියන්නේ.. lolz..

Kalpa January 31, 2014 at 6:28 PM  

@Dulanja දන්නා දෙයක් අන් අය සමග බෙදා ගැනීම සම්බන්දව ඇත්තටම මට සතුටුයි ඔබ ගැන... මන් නම් Linux වැඩ කාරයෙක් නෙමේ... සාමාන්යෙන් මට Linux එක්ක ගනු දෙනු කරන්න පුළුවන්... :) ඇත්තටම ඔයාගේ මේ දැනුම තවත් තවත් වැඩි වේවා කියලා මගේ ප්‍රාර්ථනාවයි... ඔබ වන් දැනුම බෙදා ගැනීමට කැමති පුද්ගලයන්ට මන් කරන ප්‍රාර්ථනාවයි ඒ..

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න