හොඳයි, පහුගිය ලිපියෙන් කථා කරා වගේ අපි මෙතැන් සිට Shell Scripting ඉගෙන ගන්නයි යන්නේ. ඒ සඳහා ආරම්භයක් විදිහට අපි මුලින්ම මේ Shell එක කියන්නේ මොකද්ද කියලා කථා කරමු.
අපි හැමෝම දන්නවා පරිගණකයේ භාෂාව 0 සහ 1 කියලා, ඒ කියන්නේ යන්ත්‍ර භාෂාව කියලා හඳුන්වන මෙම පරිගණකයට තේරෙන භාෂාවෙන් අපිට වැඩ කරන්න සෑහෙන්න අමාරුයි. ඒ නිසා පරිගණක තාක්ෂණය දියුණු වෙන මුල් කාලයේ මිනිසුන්ට තේරුම් ගන්න පුලුවන් ආකාරයට විධාන ලබාදෙන්නත්, එම විධාන පරිගණකයට තේරුම්ගත හැකි ආකාරයට පරිවර්ථනය කරන්න පුලුවන් මෙවලමක් අවශ්‍යය වුනා. Shell එක බිහිවුනේ මෙම අවශ්යයතාවය ඉටු කිරීමටයි.
Shell එක කියලා කියන්නේ පරිශීලක වැඩසටහනක් (user program), එය විධාන ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති කර්නලයේ කොටසක් නොවන වැඩසටහනක්. නමුත් එය කර්නලය පාවිච්චි කරනවා විධාන ක්‍රියාත්මක කිරීමට සහ ෆයිල් සමඟ ගනුදෙනු කිරීමට. කෙටියෙන් කියනවා නම් Shell එක යනු කර්නලය හා පරිශිලකයා අතර ඇති Interface එකක් වැනි දෙයක්.
ලිනක්ස් පද්ධති වල නිරතුරව භාවිතා වන Shell වර්ග කිහිපයක් තියෙනවා.
Shell Name | Developed By | Where | Remark |
---|---|---|---|
BASH ( Bourne-Again SHell ) | Brian Fox and Chet Ramey | Free Software Foundation | බහුලවම භාවිතා වන Shell එකය. මෙය නිදහස් මෘදුකාංගයකි. |
CSH (C SHell) | Bill Joy | University of California (For BSD) | C භාෂාවේ Syntax වලට හා භාවිත වලට අතිශයින්ම සමාන shell එකකි. |
KSH (Korn SHell) | David Korn | AT & T Bell Labs | සාමාන්‍යය shell එකකි. |
ඔබගේ පද්ධතියේ පවතින Shell වර්ග පරික්ෂා කිරීමට පහත විධානය භාවිතා කරන්න.
$ cat /etc/shells
ඉහත සඳහන් කරන ලද හැම Shell එකක්ම කරන මූලික කාර්යය වන්නේ පරිශීලක ලබාදෙන විධාන කියවා, මෙහෙයුම් පද්ධතියට එහෙමත් නැත්තම් කර්නල් එකට ඒ විධාන හරවා යවනවා ක්‍රියාත්මක කරන්න කියලා. විධාන ලබාදෙන්න අපි භාවිතා කර්න්නේ යතුරු පුවරුව නම් එය හඳුන්වන්නේ command line interface කියලා, සාමාන්‍යයෙන් මෙය $ ලකුණෙන් දක්වයි.
වින්ඩොස් වල තියෙන Command Prompt එකත් මේ වගේ Shell එකක් තමා. නමුත් වින්ඩොස් එකට වඩා ලිනකස් වල තියෙන එක ගොඩාක් බලගතුයි. ඇත්තෙන්ම ලින්කස් වල තියෙන Shell එකෙන් අපගේ ලිනක්ස් පද්ධතියට කරන්න බැරි දෙයක් බැරි තරම්.
දැනට භාවිතා කරන ටර්මිනල් එක එහෙමත් නැත්තම් Shell එක කුමක්ද කියා දැනගැනීමට පහත විධානය භාවිතා කරන්න.
$ echo $SHELL
Shell Script යනු කුමක්ද?
කෙටියෙන්ම කියනවා නම් Shell Script එකක් යනු Plain text එකක් මත ලියනු ලබන විධාන සමූහයකි.
මෙය වින්ඩෝස් වල භාවිතා කරන Batch File වලට සමානය. නමුත් Batch File වලට වඩා අතිශයින්ම බලවත්ය.
Shell Script කුමක් සඳහාද?
කෙනෙක්ට හිතෙනවා ඇති, GUI එකක් තියෙද්දි මොකටද මේ Shell එකක් කියලා. නමුත් ලිනක්ස් එක්ක වැඩ කරද්දි UI එකට වඩා ටර්මිනල් එකෙන් වැඩ කරන එක ලේසි කියලා ඉබේම තේරෙයි. එහෙම ටර්මිනල් එකෙන් වැඩ කරද්දි Shell Script මඟින් අපේ වැඩ තවත් පහසු කරගන්න පුලුවන් කියන එකත් ලඟදීම ඔබටම අවබෝධ වෙයි.
අපි දැන් බලමු මොකටද, මොකක් සඳහාද මේ Shell Script ලියන්නේ කියලා.
- පරිශීලකගෙන් ආදාන ගෙන ඒවා ක්‍රියාත්මක කර ප්‍රතිදානයක් ලබාගැනීමට මේ shell script මූලිකව භාවිතා කල හැක.
- අපගේම විධාන සකසා ගැනීමට shell script භාවිතා කල හැක.
- Shell script මඟින් කාලය ඉතිරිකර ගැනීමට හැකිය.
- එදිනෙදා කටයුතු ස්වයංක්‍රියව සිදු කරගැනීමට shell script භාවිතා කල හැකිය.
- System Administration කටයුතු ස්වයංක්‍රියව සිදුකරගැනීම shell script මඟින් පහසුවෙන් කරගත හැකිය.
Shell Script ලිවීම සහ ක්‍රියාත්මක කිරීම.
ඔබ කැමති text editor එකක් භාවිතා කර පහත සඳහන් විධාන කිහිපය එහි සඳහන් කර, එය කැමති නමකින්, අගට .sh යන නමින් save කරගන්න.
#!/bin/shඋදාහරණයක් ලෙස මෙම text එක myscript.sh නමින් save කරගන්න.
clear
echo "I love Linux"
මීලඟට මෙය ආකාරයට සකසා ගත යුතුයි. ඒ සඳහා පහත විධානය භාවිතා කරන්න.
$chmod 755 myscript.shහෝ
$chmod +x myscript.shමෙලෙස අවසර තත්වයන් වෙනස් කිරීම ඔබට ආගන්තුක දෙයක් නම් මෙම ලිපි පෙළ කියවන්න.
මීලඟට මෙම එක ක්‍රියාත්මක කිරීම සඳහා පහත විධානය භාවිතා කරන්න.
$./myscript.shමේ තමා shell script එකක් ලියා ක්‍රියාත්මක කරන සරල ආකාරය. මෙම මඟින් සිදුවන්නේ, දැනට තියෙන shell එක clean කර echo නමින් විධානය යටතේ ඇති වාක්‍ය තිරයේ පෙන්නුම් කරන එක පමණි.
මෙම #!/bin/sh වාක්‍ය අපි විසින් ලියනු ලබන සෑම එකකම මුලින්ම අඩංගු විය යුතු දෙයකි. එමඟින් අපගේ එක ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය මූලික දත්ත ඇති ස්ථානය පද්ධතියට දැනුම් දේ. C භාෂාවේන් ක්‍රමලේඛනයක් ලිවීමේදී යොදන #include <stdlib.h> වැනි දෙයක් තමා මේක.
shell script එකක comments ලිවීම සඳහා භාවිතා කරන්නෙත් මෙම #! සංකේත දෙකයි.
මෙය ඉතාම සරල shell script එකකි. shell script ගැන තවදුරටත් අපි මීළඟ ලිපියෙන් කථා කරමු. shell script භාවිතා කර අපගේ එදිනෙදා වැඩකටයුතු පහසු කරගන්නේ කොහොමද කියලා ඉදිරියේදී සාකච්ඡා කරමු.
ඔබ සාමාන්‍යයෙන් භාවිතා කරන විධාන යොදාගෙන ඔබගේම shell script ලිවීමට දැන් පටන් ගන්න.
5 අදහස්...:
දිගටම කරමු
Niyamayi. Thanks a lot!
thanks, I learned lots of things from this
අදහස් දැක්වීමට ස්තූතියි..
ජය වේවා...!
Niyamai. karagena yamu..
Post a Comment