ෆයිල්ස් වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය ගැන කථා කරපු ලිපි පෙලේ අන්තිම ලිපිය තමයි මේක. මෙච්චර දවසක් අපි කථා කරේ ෆයිල්ස් වල අවසර තත්වය පිළිබඳවයි, අද අපි කථා කරන්න යන්නේ ෆයිල්ස් වල හිමිකාරීත්වය ගැන.
ෆයිල්ස් වල හිමිකාරිත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් කථා කරන විට මුලින්ම දැන ගන්න ඕනේ අපි හිමිකාරිත්වය වෙනස් කරන ෆයිල්ස් වල හිමිකාරීත්වය තිබෙන්නේ කාටද කියලා. මොකද අපිට වෙනස් කරන්න පුලුවන් අපිට අයිති/හිමි ෆයිල්ස් පමණයි. එහෙම නැත්තම අපි මේ විධාන භාවිතා කරද්දි රූට් හෙවත් සුපිරි පරිශිලකයා වීම අත්‍යාවශ්‍යයි.
අපිට මේ සඳහා chown හා chgrp යන විධාන 2ක භාවිතා කිරීමට පුළුවනි.

1. මුලින්ම chown විධානය භාවිතා කරන ආකාරය බලමු.

  1. ෆයිල් එකක හිමිකාරීත්වය වෙනස් කිරීම.

    $ chown user_name file_name

    මෙහි user_name යනුවෙන් සඳහන් ස්ථානයේ අපිට හිමිකාරීත්වය ලබා දිය යුතු පරිශීලකයාගේ නමත්, file_name යනුවෙන් සඳහන් ස්ථානයේ හිමිකාරීත්වය වෙනස් කිරීමට අවශ්‍යය ෆයිල් එකේ නමත් ලබා දිය යුතු වේ.

  2. පරිශීලක කණ්ඩායමකට එකවර හිමිකාරීත්වය ලබාදීම.

    $ chown user_name:user_group file_name

    හිමිකාරීත්වය ලබාදීමට හෝ වෙනස් කිරීමට අවශ්‍යය පරිශිලක කණ්ඩායමේ නම මෙහි user_group යනුවෙන් සඳහන් ස්ථානයට ලබාදීමෙන් අදාල ෆයිල් එක හිමි පරිශීලක කණ්ඩායම වෙනස් කල හැකිය.

  3. ඩිරෙක්ටරයක හිමිකාරීත්වය වෙනස් කීරීම.

    $ chown user_name directory_name

    මෙම විධානය ක්‍රියාත්මක කිරීමෙන් පසුව directory_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ හිමිකාරීත්වය, user_name යනුවෙන් ලබාදුන් පරිශීලකයාට හිමි වේ.

  4. ඩිරෙක්ටරයක අන්තරගත සියළුම ෆයිල් වල හිමිකාරීත්වය වෙනස් කිරීම.

    $ chown -R user_name directory_name

    මෙම R යන විකල්ප විධානය භාවිතා කිරීමෙන් මෙහි  directroy_name යනුවෙන් ලබාදුන් ඩිරෙක්ටරයේ අඩංගු සියළුම ෆයිල් වල හිමිකාරීත්වය ලබාදුන් user_name එක අයත් පරිශීලකයාට හිමිවේ.
    මෙම R  විකල්ප විධානයේ තේරුම recursive හෙවත් නැවත නැවතත් ක්‍රියාත්මක කිරීම වේ. මෙම R විකල්ප විධානය නිතර නිතර භාවිතා වන බොහෝමත් ප්‍රයෝජනවත් විධානයකි.
2. chgrp විධානය භාවිතා කිරීම.
මෙහි භාවිතයද, විධානය මෙන්ම වේ. මෙම විධානය භාවිතා කිරීමෙන් කෙලින්ම පරිශීලක කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනස් කල හැකිය.

$ chgrp user_name file_name

මෙහිදීද chown හීදී මෙන් R විකල්ප විධානය භාවිතා කල හැකිය.

$ chgrp -R user_name directory_name

අමතර කරුණු : ඔබට අවශ්‍යය නම් මෙහි user_name වෙනුවට අදාල පරිශීලකයාගේ user id එක වුවද ලබා දිය හැකිය. තවද v යන විකල්ප විධානය භාවිතා කර ක්‍රියාත්මක කල විධානයෙන් සිදුවූ ක්‍රියාව බලාගත හැකිය.

උදා:
$ chown -v username somefile
changed ownership of 'somefile' to username


 $ chgrp -Rv usergroup somedir
changed group of 'somedir/' to usergroup
changed group of 'somedir/boringfile' to usergroup
changed group of 'somedir/somefile' to usergroup


ලිනක්ස් හෝ යුනික්ස් පද්ධතියක ෆයිල්ස් හා ඒවාගේ අවසර තත්වයන් හා ඒවායේ හිමිකාරීත්වය පිළිබඳව ඔබ තුල දැන් මනා වැටහීමක් ඇති. මෙම සංකල්ප අධ්‍යනය තුලින් ඔබට ලිනක්ස් තුලදී ෆයිල් සමඟ ඉතාමත් පහසුවෙන් ගනුදෙනු කල හැකිවේ. ලිනක්ස් පිළිබඳව තවත් ආකර්ශණීය ලිපියක් මීලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

3 අදහස්...:

Mr. D December 12, 2012 at 7:09 AM  

Superb

Anonymous December 13, 2012 at 12:38 PM  

maXXa

Anonymous June 15, 2023 at 4:17 PM  

supper

මූණූ පොතින් බ්ලොග් එකට Linux Sinhala

Post a Comment

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න