ටර්මිනල් එක භාවිටතයෙන් වැඩ කිරීමේදී මෙන්ම ලිනක්ස් සමඟ වැඩ කිරීමේදී නිරන්තරයෙන් උපකාරී වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමා අද අපි කථා කරන්න යන්නේ.
- යතුරු පුවරුව (Keyboard) භාවිතය.
ඔබට යතුරු පුවරුව භාවිතා කිරීම වේගයෙන් හා නිවැරදිව කිරීමට හැකි නම් එය ටර්මිනලය හරහා පරිගණකය සමඟ වැඩ කිරීමේදි වඩාත් පහසුවක් ගෙනදේ. පරිගණක ක්ෂෙත්රයේ බොහෝ ප්‍රවීණයන් යතුරු පුවරුව භාවිතා කරන්නේ Touch Typing ක්රමයටය එනම් යතුරු පුවරුව දිහා නොබලා ස්පර්ශයෙන් ටයිප් කිරීමය. ඔබටත් මෙම ක්‍රමය පුරුදු විය හැකිය. ටර්මිනලය භාවිතයෙන්ම Touch Typing පුරුදු කරගැනීමට විශේෂ මෘදුකාංගයක් එහෙමත් නැත්තම් යෙදවුමක් ලිනක්ස් පද්ධතියේ ඇත.
එය නමින් GNU Typist වන අතර එය ඔබගේ පද්ධතියේ ස්ථාපනය කරගැනීම සඳහා පහත විධානය ක්‍රියාත්මක කරන්න.- Debian හෝ Ubuntu / *buntu පද්ධති සඳහා.
sudo apt-get install gtypist - Fedora හෝ RedHat පද්ධති සඳහා.
මෙම අඩවියෙන් බාගත හැකිය.
ස්ථාපනය කරගත් පසු භාවිතා කිරීම සඳහා ටර්මිනලයේ gtypist යනුවෙන් සඳහන් කරන්න. එවිට ඔබට පහත රූපයේ පරිදි හෙවත් ක්‍රියාත්මක වනු දැකගන්න ලැබේවී.
මෙම ආරම්භකය තිරයේ දැක්වෙන පරිදි ඔබට Touch Typing ඉගෙන ගැනීම සඳහා මූලික පාඨමාලා 10ක් දකින්නට ලැබේවී. මෙම පාඨමාලා තෝරාගැනීමට යතුරු පුවරුවේ J, K, L හා M යතුරු භාවිතා කරන්න. ඉන්පසු ලබා දී ඇති උපදෙස් අනුව ඉගෙනගන්න පටන් ගන්න.
දවසකට විනාඩි 5-10ක් වැනි සුළු කාලයක් මේ සඳහා වැය කර ඉක්මනින් Touch Typing පුරුදු වන්න. එවිට ඔබට ටර්මිනලයෙන් වැඩ කිරීම විනෝදජනක අත්දැකීමක් බවට පත්වේවී. - Debian හෝ Ubuntu / *buntu පද්ධති සඳහා.
- ටැබ් යතුර (Tab Key) භාවිතය.
ගොඩාක් දෙනෙක් ටර්මිනලය භාවිතයට අකැමැත්තක් හෝ මැළිකමක් දක්වන්නේ සියළු විධාන හා ෆයිල්ස් ඇති ස්ථාන මතක තබාගත යුතුයි කියන මිත්‍යා විශ්වාසය නිසාය. නමුත් ඇත්ත එය නොවේ. ඔබ ටර්මිනලය භාවිතා කරන විට ඔබට සියළුම විධාන හෝ ෆයිල්ස් පවතින ස්ථාන මතකයේ තබා ගත යුතු නොවේ.
විධාන ටයිප් කිරීම සහ ෆයිල්ස් සමඟ ගණුදෙණු කිරීමේදි ටැබ් යතුර භාවිතයෙන් ඉතා පහසුවෙන් එම කටයුතු සිදු කරගත හැකිය
උදාහරණයක් විදිහට ඉහත සාකච්ඡා කල gtypist විධානය සලකන්න. මෙය ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ විධානයම ටර්මිනලයේ ටයිප් කිරීම අවශ්‍යය නෑ. මුල් අකුරු කිහිපයක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ඔබන්න.
එවිට එම අකුරු වලින් පටන් ගන්න වෙනත් විධාන නැත්තම් අදාල විධානය කෙලින්ම ටර්මිනලයේ දැක්වේ.
නැවත මෙම උදාහරණය සළකන්න. අපි හිතමු අපිට ටර්මිනලය භාවිතයෙන් firefox වැනි විධානයක් ක්‍රියාත්මක කරගන්න ඕනේ කියලා. fi යන අකුරු දෙක පමණක් ටයිප් කර ටැබ් යතුර දෙපාරක් ක්‍රියාත්මක කලහොත් fi අකුරු වලින් ක්‍රියාත්මක කල හැකි විධාන ලයිස්තුවක් අපිට ලැබෙනවා. පහත රූපය බලන්න.
මේ විදිහට කිසිම විධානයක් සම්පූර්ණයෙන් මතකයේ තබාගන්නේ නැතුව බොහෝම ලේසියෙන් භාවිතා කරන්න පුළුවන්.
ඒ වගේම තමා කිසියම් ෆයිල් එකක් විවෘත කරගැනීමටත් මෙම ටැබ් සෙල්ලම භාවිතා කරන්න පුළුවන්. ෆයිල් සමඟ වැඩ කිරීමේදී ෆයිල් එකේ සම්පූර්ණ නම ටයිප් කරන්නේ නැතුව ටැබ් එකෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්.
ෆයිල් වැඩේට උදාහරණ දෙන්න ඕනේ නෑ.. ඔබම අත්හදා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. - මූසිකය (Mouse) භාවිතය.
මූසිකය එහෙමත් නැත්තම් මවුස් එක භාවිතා කරන්න කියලා දෙන්න ඕනේ නැති වුනත් ලිනක්ස් භාවිතා කිරීමෙදි Copy & Paste කරන්නේ නැතුව Copy & Paste කරන්න මවුස් එක භාවිතා කරන හැටි කියලා දෙන්න වටිනවා.
ඔබට අවශ්‍යය වචනයක් මත එක තියලා Double Click කරන්න. එවිට එම වචනය Highlight වේවී. දැන් එම වචනය paste කරන්න ඕනේ තැන Mouse Pointer එක තියලා Middle Click කරන්න. ඔබට පෙනේවී අදාල වචනය Paste වී ඇති බව. යම් කිසි වචනයක් මත තුන් පාරක් ක්ලික් කලහොත් අදාල වාක්‍යයම Highlight වෙනවා ඔබට පෙනේවී. දැන් ආයෙත් වෙන තැනකට ගිහින් Middle Click කරොත් මුළු වාක්‍යයම වෙනවා ඔබට දැකගන්නට ලැබේවී.
සැළකිය යුතුයි.
මෙය වින්ඩෝස් පද්ධතියක ක්‍රියාත්මක නොවන ලිනක්ස් වලටම ආවේණික වූ කෙටි ක්රමයකි.
තවද මෙය සාමන්‍යය Copy & Paste කිරීමේ ක්‍රමයෙන් ස්වායක්ත වේ. එනම් ඔබට මෙසේ එක වචනයක් හෝ වාක්‍යයක් වෙනත් තැනක Paste කරනගමන්ම සාමාන්‍යය විදිහට Copy & Paste කරගැනීමද සිදු කරගත හැකිය. ඔබ විසින්ම අත්හදා බලන්න.
සමහර දිග විධාන භාවිතයේදී නැවත විධානයේ මුලට යන්න අවශ්‍යය නම් Ctrl සමඟ A යතුර තද කරන්න.
විශේෂ ස්තූතිය.
අනුරාධ රත්නවීර මහතා.
10 අදහස්...:
මමත් අත පත ගගා ලිනක්ස් පාවිච්චි කරන කෙනෙක් . මෙහෙම දේවල් ලියන එක ගොඩක් වටිනවා, මමත් ලිනක්ස් ගැන ලියලා තියනවා. තාක්ෂනය නෙමෙයි , ඇඩ්වටීස්මන්ට්.
ලින්ක් දෙන්න නං දැන් අමාරුයි. ඔය එඩ්රස් එක දිලා අනිත් ලිපි ටිකත් බලන්න .
( සාමාන්‍ය මනුස්සයෙකුට ලිනක්ස් කොච්චර හොදද කියලා අදහසක් ගන්න , පුළුවන් මය ලිපි දෙක තුන බලපුවහම)
@ලක්මාල් කන්දෙවිදානෙ
අදහස් දැක්වීමට බොහෝම ස්තූතියි.
ලිනක්ස් ගැන සමාජයේ තියෙන මිථ්‍යා මත සැබවින්ම මිථ්‍යාවන් පමණක් වේ. ලිනක්ස් යනු අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටකට ගැලපෙනම දෙයක් බව යන මතය සමාජගත කරන්න අපි දරන වෑයමට මෙවැනි අදහස් දැක්වීම් බොහෝ වටිනවා. ඇත්තටම ලිනක්ස් හරිම ලේසී, ප්‍රශ්නෙකට තියෙන්නේ අපේ අයගේ ලිනක්ස් වලට තියෙන බය විතරයි.
ජය වේවා...!
fedora valin gtypist install karanna teminal eke..
yum install gtypist.
type kalaama install una....mokad perl vala packages vagayak ona meka run venna.....
link eke thiyana eva install karaata harigiye naa..
අවශ්‍යය කරන Perl Packages මොනවද කියලා බැලුවද...? පුලුවන් ඒ Eroor Message එක මෙතන පළ කරනවද...?
ස්තූතියි...
Siraawatama eka danagen unne naha....thanks.....mama me dawas wala PC wala wada walin aath wela (karala) inne..mokada PC eka BANG!!!.....thanks
niyamai. digatama liyanna.
saho..
mata mita tika dawsakata kalin ceylon linux iso ekak lebuna. ethin mama eka pen drive ekakata write karala live widihata weda kala. me wena kota mage lap eke hdd eka damage wela tibune. ethin eka live eken wena pen drive ekakakata set up kara. HDD ekak nethi nisa vedios balanna sindu ahanna wage weda walata linux pavichchi kara kara inna kota thamay mata hithune linux igena gaththoth honday kiyala. kohoma hari google eke link ekakin oyage site ekata awa. mula indalama okkoma lipi tika kiyewuwa. godak commands run kara. but mata root accesses ne. mokada mama linux install karana kota mulinma dipu passward eka mata den mathaka nehe. apahu linux danne nethiwa karanda deyak thiyenawa nam kyanawada?
bohomathma sthuthiy oyage denuma bedagannawata. aluth lipiyak balaporoththuwenawa ikmanin...
wish u a all the best bro. thanks u a Blog p.
vry important
ඉතා වටින ලිපියක්.
මමත් Linux පාවිච්චි කරන්නෙ. ඔයාගෙ බ්ලොග් එකෙන් තමයි මමත් ලිනක්ස් වලට පුරුදු උනේ. පොඩ්ඩක් අතපතගාගෙන යනකොට තේරෙනව මේකෙ තියෙන වටිනාකම.ඇත්තටම නවක ලිනක්ස් යූසර් කෙනෙකුට ඇතිවන මූලික ප්‍රශ්ණ වලට උදව්වෙන සිංහලෙන් ලියවුන බ්ලොග් හරිම අඩුයි.වටිනා ලිපි පළකරන ඔයාට ගොඩක් ස්තුතියි.
Post a Comment