මුලින්ම දීර්ඝ කාලයක් තිස්සේ ලිපි නොලිවීම සම්බන්ධව පාඨක ඔබ සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. පසුගිය වසරත් මේ ගෙවීයන වසරත් මගේ අධ්‍යාපනික ජීවිතයේ අතිශය වැදගත් හා සංවේදි කාල පරාසයක් විය. ඒ නිසා මෙම ලිපි මාළාව නොකඩවා පවත්වාගෙන යෑමට නොහැකිවීම සම්බන්ධව නැවතත් ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. මේ වැඩේ පටන්ගද්දි මට තිබුනේ එකම අරමුණකි. එනම් ලිනක්ස් ගැන මම දන්න සියළුම දේ සිංහලෙන් කියලා දීම. ඇත්තටම හොඳ ආරම්භයක් ලැබුණා. දිරිගැන්වීම් තවමත් ලැබෙනවා. ඇත්තටම මේ ලිපි පෙලින් ප්‍රයෝජනයක් ගත්තු පිරිසක් ඉන්නවා. මේ හරහා මා සමඟ සම්බන්ධ වෙච්ච අය ගොඩාක් සිටිනවා. ඒ අයට ලිනක්ස් ගැන පමණක් නොව ඉංජිනේරු ක්ෂේත්‍රය, උසස් අධ්‍යාපනය සම්බන්ධව ගොඩාක් උපදෙස් දෙන්නත් අවස්ථාව ලැබුනා. ඒ නිසා මගේ උත්සහය අපතේ ගිය නෑ කියලා හිතෙනවා. මට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් දේවල් ගොඩාක් වුනා.
ඒ නිසාම මේ වැඩේ අතහරින්නේ නැතුව ඉදිරියට කරගෙන යන්න මට පෙළඹවීමක් ඇතිවෙනවා. අපි අපේ පාඩම් මාළාව නොකඩවා ඉදිරියට කරගෙන යමු. මෙතැන් පටන් ලිනක්ස් සම්බන්ධ විවිධ ලිපි ඔබ හමුවට ගෙන ඒමට මම බලාපොරොත්තු වෙනවා.. දිගටම රැඳී සිටින්න මම ඔබට ආරාධනා කරනවා. අළුත්ම ලිපියකින් ලබන සතියේ සිට අපි වැඩ පටන් ගමු.
Linux සිංහලෙන්® දෙවැනි ගමන.
ලිව්වෙ
Dulanja Subodhana
Dec27,2015