ලිනක්ස් පද්ධතියක භාවිතා කරන ෆයිල් පර්මිෂන් ගැන හා ඒවා පරීක්ෂා කරන ආකාරය පිළිබඳව අපි කලින් ලිපි දෙකින් සාකච්ඡා කලා. අද අපි අපේ පද්ධතියේ තියෙන ෆයිල් වල අවසර තත්වයන් වෙනස් කරන ආකාරය විස්තරාත්මකව සාකච්ඡා කරමු. මෙම පාඩමේ මුල්ම ලිපියෙන් සාකච්ඡා කල පරිදි මෙම අවසර සැකසීම භාවිතා කරන පාර්ශව තුනටම අදාලව සාකච්ඡා කල යුතුය.

මුලින්ම අපි යම් කිසි ෆයිල් එකකට අලුතින් අවසර තත්වයක් ලබා දීම හෝ තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීම කරන්න පුළුවන් සරළම ආකාරය පිළිබඳව සාකච්ඡා කරමු.
මේ සඳහා භාවිතා කරන්නේ chmod (change mode)කියන විධානයයි. දැන් අපි බලමු මේ විධානය භාවිතා කරලා කොහොමද අවසර තත්වයන් වෙනස් කරගන්නේ කියලා.

  1. අවසර තත්වයක් එකතු කිරීම.
    $ chmod +Permisson_Type filename
     මෙහි Permisson_Type කියලා සඳහන් වන්නේ ලබාදෙන අවසර තත්වයයි. ඔබට මතක ඇති අපි භාවිතා කරන අවසර තත්ව.
            r   = read permission කියවීමට ඇති අවසරය.
            w = write permission ලිවීමට (වෙනස් කිරීමට ඇති අවසරය.)
            x  = execute permission ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය.
     එනම් ඉහත සඳහන් අවසර තත්වයක් අවශ්‍යය ෆයිල් එකේ නම ඉදිරියෙන් ටයිප් කර එම අවසර තත්වය අදාල ෆයිල්  එකට ලබාදිය හැකිය.
    උදාහරණයක් විදිහට foo කියන ෆයිල් එකට ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදෙන්න අවශ්‍යයි කියලා හිතන්න. ඒ සඳහා විධානය වන්නේ,
    $ chmod +x foo
  2. අවසර තත්වයක් ඉවත් කිරීම.
    අවසර තත්වයක් ඉවත් කිරීම සඳහා කල යුත්තේ ඉහත විධානයේ ධන ලකුණ (+) වෙනුවට සෘණ ලකුණ (-) යෙදීම පමණී.
    උදාහරණයක් විදිහට foo ෆයිල් එකේ ක්‍රියාත්මක කිරීමට ඇති අවසරය ඉවත් කිරීමට භාවිතා කල යුත්තේ පහට විධානයයි.
    $ chmod -x foo
    මේ විදිහට බොහෝ ෆයිල්ස් වලට අවසර තත්වයන් එකතු කරන්නටත්, තිබෙන අවසර තත්වයක් ඉවත් කිරීමටත් පුලුවන්. අභ්‍යාසයක් විදිහට ටර්මිනල් එකක් ගෙන විවිධ ආකාරයේ ෆයිල් නිර්මාණය කර ඒවායේ අවසර තත්වයන් වෙනස් කර බලන්න. වෙනස් කල පසු ls -l විධානය භාවිතා කර වෙනස් කම පරීක්ෂා කරන්න.
සටහන: මෙම ක්‍රමයේදී අවසර තත්වයන් වෙනස් වන්නේ එම මොහොතේ පද්ධතිය භාවිතා කරන පරිශීලකයාට අයත් අවසර තත්වයන් පමණී. පාර්ශව 3 ටම අදාලව අවසර තත්වයන් වෙනස් කරන ආකාරය ගැන විස්තරාත්මකව පහත සාකච්ඡා කර ඇත.

 පසුගිය ලිපියෙන් මේ අවසර තත්ව හා හිමිකාරිත්වය එහෙමත් නැත්තම් permissions ගැන මූලික වැටහීමක් ලැබෙන්න ඇතිනේ. අද අපි සාකච්ඡා කරන්න යන්නේ එම පාඩමේ දෙවන කොටස. අපි අද බලමු අපේ පද්ධතියේ තියෙන ෆයිල්ස් වල මෙම අවසර තත්ව හා හිමිකාරීත්වය පරීක්ෂා කරන හැටි හා ඒවා වෙනස් කරන්නේ කොහොමද කියලා.

අවසර තත්වයන් පරික්ෂා කරමු.

 ඔබට මතක ඇති මෙම ලිනක්ස් සිංහලෙන් පාඩම් මාලාව ආරම්භක ලිපියෙන් ලිනක්ස් පද්ධතියක මූලිකාංග ගැන කථා කලා. ඉන්පස්සේ අපි ගොනු නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳව කථා කලා. ඊටත් පස්සේ එම ගොනු සහ ෆයිල්ස් පරිහරණය කරන ආකාරය පිළිබඳව කථා කලා.
අද අපි කථා කරන්න යන්නේ එම ෆයිල්ස් හා ගොනු වල අවසර තත්වයන් හා හිමිකාරීත්වය පිළිබඳව. ඔබ මෙතෙක් භාවිතා කර තිබෙන්නේ වින්ඩෝස් සංස්කරණයක මෙහෙයුම් පද්ධතියක් නම් ඔබට මේ ගැන  කිසිම අවබෝධයක් නැතුවාට සැකයක් නෑ. මොකද මං කලිනුත් කිව්වා වාගේ වින්ඩෝස් වැනී මෙහෙයුම් පද්ධති අපේ සිතීමේ හැකියාව, බුද්ධියෙන් හිතලා වැඩක් කිරීමේ හැකියාව මොට කරනවා. ඒ නිසා අද පාඩමින් මේ පිළිබඳව මූලික සංකල්ප වල සිට පැහැදිලි කරන්න මං හිතුවා.

දැන් ඉතිං විධාන ගැනත් සුපර් යූසර් ගැනත් තරමක් දුරට දැනගෙනනේ ඉන්නේ. සුපර් යූසර් විදිහට පද්ධතිය භාවිතා කරන විට ඉතා ප්‍රවේශමෙන් විධාන කල යුතුය. නැත්නම් පද්ධතිය නැවත භාවිතා කිරීමට නොහැකි ලෙසටම විනාශ වී යා හැකිය. අද කථා කරන්න යන්නේ කිසිදිනක භාවිතා නොකල යුතු විධාන කිහිපයක් පිළිබඳවයි. ඒවා පහත එකිනෙක විස්තර කර ඇත.

share


ලිනක්ස් ගැන ඉගෙනගන්න ආසාවෙන් ඉන්න අයට සිංහලෙන් අත් වැල.

මූණු පොතේ අපි..

Get Linux

Get GNU/Linux

සින්ඩි...

සිංහල බ්ලොග් කියවනය

-------------------------

------------------------

Geek.lk

------------------------

lankeeya sithuwili

------------------------

පෝෂක ලබාගන්න